මීගහතැන්න පොලිස් වසමේ පැලවත්ත නගරයේ දී පසුගිය 16 වනදා සවස පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් ඊයේ (18) දින අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් 25, 36 සහ 40 යන වයස්වල පසුවන, මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
පැලවත්ත නගරයේ පෞද්ගලික වෛද්‍ය මධස්ථානයකට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටි 38 හැවිරිදි පුද්ගලයෙකුට පසුගිය 16 වනදා කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර පළාගොස් තිබුණා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.
dasathalankanews










