අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා යොදාගත් රක්ෂිත වනාන්තර ප්‍රදේශයට සමාන ප්‍රදේශයක, සම්පූර්ණ පිරිවැය දරමින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණය කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද(02) අතුරු නියෝගයක් නිකුත් කළේය.Sri Lanka Latest News
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු අභයභූමියේ වන විනාශය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව නිෂ්ප්‍රභ කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බදියුදීන් මන්ත්‍රීවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.










