• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම අවසරයක් නැතිව වැල්ලවත්තේ මහල් නිවාස සංකීර්ණයක ෆුඩ් සිටියක් හදලා! පදිංචිකරුවන් දෙදෙනෙක් උසාවි යයි! ශ්‍රේෂ්ඨාධිකරණය ‘සීගල් ප්‍රොපර්ටි ඩිවලොපර්ස්’ සමාගමට කෝටියක වන්දියක් ගෙවන්න නියෝග කරයි! I Sri Lanka Latest News

April 3, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

වැල්ලවත්ත, හැම්ප්ඩන් ප්‍රදේශයේ පිහිටි සහස්‍ර මහල් නිවාසයේ පදිංචිකරුවන්ට අවහිරයක් වන පරිදි ඉදිකර ඇති අනවසර සුපිරි වෙළෙඳ සැල ඉවත් කිරිමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම නිවාස සංකීර්ණය කටයුතු නිසි පවත්වාගෙන යාම වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවන ලෙස ”සීගල් ප්‍රොපටි ඩිවෙලපර්ස්” (seagull property developers) සමාගමේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.Sri Lanka Latest News

අදාළ වන්දි මුදල සහශ්‍ර නිවාස කළමනාකරණ අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ පවතින ගිණුමක තැන්පත් කළ යුතු බවත් අදාළ සුපිරි වෙළඳසැල ඉවත් කිරීම ඇතුළු කටයුතු අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන ලදි.

මෙම කටයුතු අධීක්ෂණය කර ඒ සම්බන්ධයෙන්වන ප්‍රගති වාර්තාවක් මාස හතරක් ඇතුලත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයාට නියම කෙරිණ.

අදාළ මහල් නිවාසයේ සැලැස්මට අනුකූලව නොවන පරිදි සුපිරි වෙළෙඳ පවත්වාගෙන යාම හේතුවෙන් එහි පදිංචිකරුවන්ට රථ වාහන ගාල් කිරීමට අවහිර වී ඇති බව සඳහන් කරමින් අදාළ මහල් නිවාසයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගයන් කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ එකඟත්වයෙන් යුතු නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච්.එම්. ඩී නවාස් මහතා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබිය.

වැල්ලවත්ත හැම්ප්ඩන් ප්‍රදේශයේ පිහිටි සහශ්‍ර මහල් නිවාසයේ පදිංචි වෛද්‍ය මහේන්ද්‍ර රාජා සහ කේ. බාලෙන්ද්‍ර යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනුකර තිබූ අතර නීතිඥ නියෝජනයකින් තොරව ඔවුන් විසින්ම පෙත්සම් විභාගයේද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

සහශ්‍ර කළමනාකරණ අධිකාරිය, කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ශීගල් ප්‍රොපටි ඩිවෙලපර් සමාගම ඇතුළු පිරිසක් පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නම්කර සිටියහ.

වැල්ලවත්ත හැම්ප්ඩන් ප්‍රදේශයේ පිහිටි සහශ්‍ර මහල් නිවාස සම්බන්ධයෙන් ”සිගල් සමාගම” විසින් සිදු කරන ලද ප්‍රසිද්ධ කිරීම් හා දැන්වීම් අනුව පෙත්සම්කරුවන් විසින් එහි නිවාස මිලදීගෙන ඇති අතර එම ගිවිසුම අනුව පෙත්සම්කරුවන්ට රථ වාහන ගාල්කිරීම සඳහා නිසි පරිදි රථගාල් දිය යුතු බවද සඳහන්වේ.

මෙම සහස්‍ර මහල් නිවාසයේ මූලික සැලැස්මෙහි අවන්හලක් ඉදිකිරීමට යෝජිතව තිබූ අතර එම සැලැස්මට අනුකූලව කටයුතු නොකර සුපිරි වෙළෙඳ සැලක් පවත්වාගෙන යාමට අදාල සමාගම සංශෝධිත සැලසුම් ඉදිරිපත් කර තිබුනද එය අනුමත කිරීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බව නඩු තීන්දුව මගින් පෙන්වා දී ඇත.

එහෙත් ඒ පිළිබඳ සැලකීමක් නොකොට අදාළ සුපිරි වෙළඳසැල පවත්වාගෙන යාමට එම සමාගම කටයුතු කකිසිමර ඇති අතර ඒ හේතුවෙන් පදිංචිකරුවන්ට තමන්ගේ වාහන නැවැත්විමේ පහසුකම අවහිර වී ඇති බවද නඩු තීන්දුවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් බලධාරීන්ට කර ඇති අතර ඉන් කිසිදු සහනයක් ලැබී නොමැති අතර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේද මීට අදාළ නඩුකරයක් විභාග වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මූලික නිවාස සැලසුම සංශෝධනය කරමින් මෙම සුපිරි වෙළඳ සැල සහිත සැලසුමට අදාළ අනුකූලතා සහතිකයක් නිකුත් කිරීමද නාගරික සංවර්ධන අධිකාරී ප්‍රතික්ෂේප කර ඇති නමුත් අදාළ සුපිරි වෙළඳසැල පවත්වාගෙන යාමට බලධාරීන් කටයුතු කර ඇති බව පෙත්සම් විභාගයේදී අනාවරණය වූ බවද නඩු තීන්දුව මගින් පෙන්වා දී ඇත.

මූලික නිවාස සැලසුමට සහ පදිංචිකරුවන් සමග එකඟ වූ ගිවිසුමට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් වගඋත්තරකාර සමාගම විසින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවට විනිසුරු මඩුල්ල විසින් තීරණය කර තිබේ.

එසේම අදාළ කරුණු සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සහ අදාළ සමාගමේ කටයුතු අධීක්ෂණය නොකිරීම මගින් සහස්‍ර නිවාස කළමනාකරණ අධිකාරිය, කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින්ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරනු ලැබිය.

SendShareShare
Previous Post

අනුරට වඩා දැන් නාමල් ජනප්‍රියයි! ඡන්දෙකට ගියොත් මාලිමාව දැන් තුන! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනතාව ඉන්නෙ අමාරුවෙන්! දැන්වත් මිනිස්සුන්ට සහන පැකේජයක් දෙන්න! බදු බර අඩු කරන්න! විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.