පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට (19) පෙරවරු 9.00ට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. Sri Lanka Latest News
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවී ඇති හෙයින් අදාළ විභාගය යළි පවත්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් සහ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
පෙත්සම් විභාගය අද දිනයේත් පැවැත් වේ.










