• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘කුසුම්-නිමල්’ එක්ක ප්‍රංශෙට ගිය සම්මාන පිට සම්මාන දිනූ සුමිත්‍රාගේ ‘ගැහැනු ළමයි’! 1978-2025..! I Sri Lanka Latest News

May 18, 2025
in Exclusive
Reading Time: 39 mins read
A A
‘කුසුම්-නිමල්’ එක්ක ප්‍රංශෙට ගිය සම්මාන පිට සම්මාන දිනූ සුමිත්‍රාගේ ‘ගැහැනු ළමයි’! 1978-2025..! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රංශයේ පැවති කාන්ස් සිනමා සම්මාන උළෙලේදී ශ්‍රීලංකාව නියෝජනය කරමින් විශිෂ්ට සිනමා අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ “ගැහැනු ළමයි” (GEHENU LAMAI) සිනමා කෘතිය තිරගත විය.Sri Lanka Latest News

“ගැහැනු ළමයි ” සිනමා කෘතිය නියෝජනය කරමින් එහි ප්‍රධාන චරිතය වන “කුසුම්” ලෙස රඟපෑ ප්‍රවීණ රංගනවේදිනී වසන්ති චතුරාණි , “නිමල්” ලෙස රඟපෑ ප්‍රවීණ රංගනවේදී අජිත් ජිනදාස , එහි උප ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ශ්‍යාමා ආනන්ද සමඟ ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති සුදත් මහදිවුල්වැව , ප්‍රවීණ රංගනවේදී දම්මිත් ෆොන්සේකා ආදීහු ද සහභාගි වූහ.

ගැහැනු ළමයි චිත්‍රපටය ‘ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම’ සමග එක්ව Film Heritage Foundation ආයතනය විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

ප්‍රංශ – ඉන්දීය – ශ්‍රී ලංකා සිනමා උරුමය (FISCH) නමැති ආයතනය විසින් ඒ සඳහා අරමුදල් යොදවා ඇත.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සංරක්ෂණය කර ඇති ඉතිරිව තිබෙන හොඳ ම කොටස් භාවිතා කරමින් ගැහැනු ළමයි චිත්‍රපටය L’Immagine Ritrovata රසායනාගාරයේදී ප්‍රතිසංස්කරණය කර තිබේ.

සුමිත්‍රා
ඡායාරූප ශීර්ෂ වැකිය,ගැහැනු ළමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්

1978 ලන්ඩන් චිත්‍රපට උළෙලේදී සම්මානයට පාත්‍ර වූ මෙම චිත්‍රපටය, ශ්‍රී ලාංකික ගම්මානයක තරුණ සහෝදරියන් දෙදෙනෙකුගේ කතාව මෙම චිත්‍රපටයෙන් දිගහැරේ.

ඔවුන්ගේ ආදර සිහින සහ අභිලාෂයන් පන්ති බාධකවලින් සහ සාම්ප්‍රදායික ගැටුම්වලින් බිඳ දැමේ.

ජනප්‍රිය නවකතා රචකයෙකු වූ කරුණාසේන ජයලත් විසින් රචනා කරන ලද ‘ගැහැනු ළමයි’ නවකතාව ආශ්‍රයෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කෙරිණි.

චිත්‍රපටය පිළිබඳ තොරතුරු

1978 වසරේ මාර්තු 18 වන දා තිරගත වීම ආරම්භ වූ මෙම චිත්‍රපටය පැය 2 මිනිත්තු 16ක කාලයක් දිගු විය.

චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම මෙසේ ය.

  • අධ්‍යක්ෂණය – සුමිත්‍රා පීරිස්
  • කතාව – කරුණාසේන ජයලත්
  • තිර රචනය – සුමිත්‍රා පීරිස්
  • නිෂ්පාදනය – ඊ. ඇන්තනිපිල්ලෙයි
  • කැමරාකරණය – එම්.එස්. ආනන්දන්
  • සංස්කරණය – සුමිත්‍රා පීරිස්
  • සංගීතය – නිමල් මෙන්ඩිස්

මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා දෙක වූ කුසුම් සහ නිමල් යන චරිත, වසන්ති චතුරාණි සහ අජිත් ජිනදාස විසින් නිරූපණය කරන ලදී.

ඊට අමතරව, ශ්‍යාමා ආනන්දන්, ට්‍රිලීෂියා ගුණවර්ධන, ජෝ අබේවික්‍රම, චිත්‍රා වාකිෂ්ඨ, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වූහ.

මෙහි ඇතුළත් වූ නීලා වික්‍රමසිංහ ගයන ‘වියෝ ගී ගැයෙනා’ සහ වික්ටර් රත්නායක ගයන ‘ගැහැනු ළමයිනේ’ යන ගීත අතිශයින් ජනප්‍රිය විය.

ජයග්‍රහණ

1978 ලන්ඩන් සිනමා උළෙලේදී විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙස සම්මානයට පාත්‍ර වූ ගැහැනු ළමයි චිත්‍රපටය, ජර්මනිය, ඉන්දියාව, ටියුනීසියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල සිනමා උළෙලවලදී ප්‍රදර්ශනය කෙරිණි.

ඊට අමතරව, 1979 සිග්නීස් උත්තමාචාර සිනමා උළෙලේදී නිර්මාණශීලී අධ්‍යක්ෂණය වෙනුවෙන් සුමිත්‍රා පීරිස් කුසලතා සම්මානයට පාත්‍ර වූවා ය.

ඊට අමතරව, එහිදී හොඳ ම නිළිය ලෙස වසන්ති චතුරාණි ද, සජීවී සිනමාත්මක කුසලතා සහභාගීත්වය වෙනුවෙන් ශ්‍යාමා ආනන්දන් ද සම්මාන ලැබූහ.

‘ගැහැනු ළමයි’ චිත්‍රපටය සිංහල සිනමාවේ සංධිස්ථානයක් ලෙස සැලකෙන්නේ ඇයි?

ගැහැනු ළමයි චිත්‍රපටය සිංහල සිනමාවේ සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි බව චිත්‍රපට විචාරක අතුල සමරකෝන් පවසයි.

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, “සුමිත්‍රා පීරිස් සතුව තිබූ කාව්‍යාත්මක සිනමා භාවිතය ඇගේ පළමු චිත්‍රපටය වූ ගැහැනු ළමයි චිත්‍රපටයෙන් ම කැපී පෙනුණු” බව ය.

“ගැහැනු ළමයි චිත්‍රපටය හේතු කීපයක් නිසා සිංහල සිනමාවේ වැදගත් නිර්මාණයක් විදිහය සලකන්න පුළුවන්. සුමිත්‍රා පීරිස්ගේ කාව්‍යාත්මක සිනමා භාවිතය, නළු නිළියන් චරිතයට ගැළපෙන පරිදි හැසිරවීමට තිබූ හැකියාව වගේ විශේෂතා ගොඩක් ඒ නිර්මාණය ඇතුළේ තිබුණා.”

“ඒ වගේ ම වැදගත් ම දේ තමයි, සුමිත්‍රා සතුව තිබුණ සංස්කරණ හැකියාව. එයා ඊට කලින් ලෙස්ටර්ගේ චිත්‍රපට කිහිපයක් ම සංස්කරණය කරලා අත්දැකීම් ලබල හිටියේ. ඒ දැනුම ඇයට තමන්ගේ ම චිත්‍රපටය වඩාත් සාර්ථක කර ගන්න ඉවහල් වුණා.”

චිත්‍රපටයේ සාර්ථකත්වයට එහි කැමරා අධ්‍යක්ෂ එම්.එස්. ආනන්දන් දක්වා ඇති දායකත්වය ද ඉවහල් වී ඇතැයි අතුල සමරකෝන් පෙන්වා දුන්නේ ය.

සුමිත්‍රා පීරිස්

සුමිත්‍රා

සුමිත්‍රා ගුණවර්ධන 1935 මාර්තු 24 වන දා ඇය උපත ලැබුවේ, ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට මාක්ස්වාදී දේශපාලනික චරිතයක් වූ බොරලුගොඩ ගුණවර්ධනට ඥාතීත්වය දරන පවුලක ය.

ඇයගේ පියා හෙන්රි ගුණවර්ධන (හැරී ගුණවර්ධන) අවිස්සාවේල්ල ප්‍රදේශයේ නිතීඥවරයෙකු ලෙස කටයුතු කළ අතර ඇයගේ මව හැරියට් වික්‍රමසිංහ විය.

සුමිත්‍රා පීරිස් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ, සංස්කරණය ඇතුළු කාර්මික දැනුමක් සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග එක්ව කටයුතු කිරීමෙන් ලද නිර්මාණ අත්දැකීම් සම්භාරයත් සමගිනි.

ඇය අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණ කිහිපයක් මෙසේ ය.

ගැහැනු ළමයි (1978) ගඟ අද්දර (1980) යහළු යෙහෙළි (1982) මායා (1984) සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා (1988) ලොකු දුව (1996) දුවට මවක මිස (1997) සක්මන් මළුව (2003) යහළුවෝ (2009)

එම සිනමා නිර්මාණ අතරින් ගඟ අද්දර (ජනාධිපති සම්මාන, සරසවිය සම්මාන), යහළු යෙහෙළි (ජනාධිපති සම්මාන, ඕ.සී.අයි.සී. සම්මාන), ලොකු දුව (ජනාධිපති සම්මාන), දුවට මවක මිස (ජනාධිපති සම්මාන), මායා (සරසවිය සම්මාන), සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා (සරසවිය සම්මාන, ඕ.සී.අයි.සී. සම්මාන), ගැහැනු ළමයි (ඕ.සී.අයි.සී. සම්මාන) යන චිත්‍රපට සම්මානයෙන් පිදුම් ලැබීය.

ඊට අමතරව, ගැහැනු ළමයි චිත්‍රපටය Carthage International Film Festival හිදී සහ London Film Festival හිදී සම්මානයට පාත්‍ර වූ අතර ඇගේ තවත් චිත්‍රපට රැසක් ජපානය, ජර්මනිය, රුසියාව ඇතුලු රටවල් රැසක පැවති ජාත්‍යන්තර සිනමා උළෙලවලදී සම්මානයට ලක් විය.

කාන් සිනමා උළෙල

ප්‍රංශයේ පැවැත්වෙන කාන් සිනමා උළෙලේ 78 වන අදියර අඟහරුවාදා (මැයි 13) ආරම්භ වූ අතර මැයි 24 දක්වා පැවැත්වේ.

මෙවර එහි සංරක්ෂණය කරන ලද සම්භාව්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා සුමිත්‍රා පීරිස් 1978 අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය තෝරාගෙන තිබේ.

මෙම කීර්තිමත් සිනමා උළෙල නියෝජනය කළ පළමු සිංහල චිත්‍රපටය වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටය යි.

විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ එනු පිණිස’ චිත්‍රපටයට Caméra d’Or සම්මානය හිමි විය.

May be an image of 3 people and people smiling
May be an image of 2 people and people smiling
May be an image of 5 people, dais and text that says 'france.tv Brut. resm LD DE ECAN F Yers 入 TLO.CARPET RENOIR HAYAKAWA CHIE'
May be an image of 1 person, smiling and text
May be an image of 5 people and text that says 'rance-tv Brus A MARCRES ITEMARCRES CRES RENOIR HAYAKAWA CHИ'
May be an image of 2 people and text that says 'france.tv Brut. PESTIVAL FESTIVALDECANNE CANNE V E Xet RED CARPET RENOIR HAYAKAWA CHIE'
May be an image of 5 people and text that says 'france.tv Brut. FESTIVAL FESTIVALDECANNE DE CANNE L 日 Vbee REO CARPET RENOIR HAYAKAWA CHIE'
May be an image of 7 people and text that says 'rance.tv Brut. FESTIVANDE PRSTIVANDECANNE CANNE L 入 LES MARCHES RENOIR HAYAKAWA CHIE'
May be an image of 6 people, people smiling and text
May be an image of 4 people and text that says 'FESTIVAL DE CANNES CANNESCLASSICS CLASSICS Tomorrow at at 4 pm Salle Buñuel, Palais leBuriue,PaisdesPestivals.Cannes des Festivals, Cannes WORLD PREMIERE OF OFTHE THE RESTORED VERSION AT THE CANNES FILM FESTIVAL 2025 SUMITRA PERIES GENENU THE GIRLS 1970 LAMAI'
May be an image of 6 people and text that says '入量 AEDANCI 1978 SINHALA SUMITRA PERIES GENENU THEGIRLS GIRLS LAMAI THE வி MHERIFAGS RTCAisch fisch'

SendShareShare
Previous Post

ලක්ෂ 75ක හොර සිගරට් තොගයක් සමග සැකකරුවකු රේගු භාරයට! Sri Lanka Latest News

Next Post

අවුරුදු 16කට පසු ඊළාමට ඔක්සිජන් දෙන්න හදන කැනඩාවේ සුදු නගරාධිපති! ස්මාරකය හැදුවේ මළ නොබැඳෙන වානේවලින්! ලාංකිකයන්ට ලොකු ප්‍රහාරයකුත් එල්ල වෙයි! මැයි 18දා සංහාරක දිනයක්! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.