ඉලංගෙයි තමිල් අරසු කච්චි එළබෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඒ බව පැවසීය.
අද වව්නියාවේ පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.
ඒ අනුව උතුරු නැගෙනහිර සහ වතුකරයේ සියලුම ප්‍රබල පක්ෂවල සහාය ලැබෙන එකම නායකයා බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට පත්ව තිබේ.










