කර්මාන්ත අමාත්‍යවරයාට රජයෙන් ලබා දෙන ඇමති නිල නිවසේ බඩු මුට්ටු හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් ගලවාගෙන ගොස් ඇති බව පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි අද (2) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කරන ලදි.
නිවසේ තිබූ ප්ලග් පොයින්ට් පවා මෙලෙස ගලවාගෙන ගොස් ඇති බවත්, වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් කර පොදු දේපොළ පනත ප්‍රකාරව රිෂාඩ් බදුයුදීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් සුදත්ත හිමියෝ ආරක්ෂක අංශවලින් ඉල්ලීම් කරන ලදි.
මේ පිළිබඳව සුදත්ත හිමියෝ සිදුකල සම්පුර්ණ ප්‍රකාශය…










