ඊයේ දියත උයන අසල පැවැති ජනතා විරෝධය මැදට අංක තහඩු රහිත මුහුණු ආවරණය කරගත් හමුදා යතුරුපැදි කිහිපයක් පැමිණීම සම්බන්ධයෙන් මේ වනවිට මහත් ආන්දෝලනයක් මතුව තිබේ.
එහිදී එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් පමණක් නොව පොලිස් නිලධාරීන්ද එම හමුදා යතුරුපැදිකරුවන්ට විරෝධය පළ කරන ආකාරය දැකගත හැකි විය.
කෙසේවෙතත් ඊයේ දිනයේදී මෙම සිදුවීම පාදක කොටගෙන විශ්‍රාමික යුද හමුදා නිලධාරී චාගී ගාල්ලගේ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ‘නොදන්න ටිංකිරිවලට කහින බයියන්ගේ දැනගැනීම පිණිස, හෙට සිට පොලිසියට හමුදාවෙන් කෑම’ යනුවෙන් සදහන් කොට තිබිණ.
එම සටහන මුල්කරගෙන චාගී ගාල්ලගේ මහතාට මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින ආකාරයක් දැකගන්නට ඇති අතර ඔහුගේ ෆේස්බුක් ගිණුමටද ප්‍රතිචාර දක්වමින් දැඩි විරෝධයක් පළ කර ඇති ආකාරයක් දැක ගත හැකිය.










