සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිඟු ආනයනකරුවන්, නිෂ්පාදකයින්, ගබඩාකරුවන්, රැස්කරන්නන් සහ බෙදාහරින්නන් පාරිභෝගික අධිකාරියේ ලියාපංදිචි විය යුතු බවත්, එම ද්‍රව්‍ය ලියාපදිංචියකින් තොරව ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, ගබඩාකිරීම, රැස්කර තබා ගැනිම සහ බෙදාහැරිම තහනම් වන බවත් සදහන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව එම පුද්ගලයින් සියලුදෙනා එම ගැසට් නිවේදනය නිකුත් කළ දින සිට දින 07ක් ඇතුළත පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු වේ.
එහිදී තම තොග සංචිත ප්‍රමාණයන් පිළිබඳ නිවැරදි තොරතුර ද ලබාදිය යුතු බව ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.
කෙසේවෙතත් වී වගාකරුවන්ට සහ බඩඉරිඟු වගාකරුවන්ට වගා කළ බිමෙන් ලබාගත් වී අස්වැන්න ගබඩාකර තබා ගැනිම සම්බන්ධයෙන් එම නීතිය වලංගු නොවන බව ද එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.










