කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (21) පස්වරු 1.44 ට මිනිත්තු 30 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබීය.
S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි.
ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 540.43 කින් සහ S&P SL20 දර්ශකය ඒ්කක 207.60 කින් පහළ ගොස් තිබුණි.
ගනුදෙනු පස්වරු 2.14ට යළි ආරම්භ වීමට නියමිත ය.










