ලැප්ටොප් පරිගණකයක් හේතුවෙන් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයට අද (28) පස්වරුවේ බෝම්බ බියක් ඇති විය.Sri Lanka Latest News
ඒ විදේශිකයෙකු විසින් එම තානාපති කාර්යාලයට පැමිණ ලැප්ටොප් පරිගණකයක් ලබා දී ක්ෂණිකයෙන් පිටව යාම හේතුවෙනි.
ඒ අනුව විශේෂ කාර්ය බළකාය, විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්රීය අංශය සහ කුරුඳුවත්ත පොලීසිය ඇතුළු කණ්ඩායමක් වහාම එම තානාපති කාර්යාලය වෙත කැඳවීමට පියවර ගැනුණි.
සිද්ධිය සම්බන්ධව සිදුකරන ලද මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විමර්ශන කුරුඳුවත්ත පොලීසිය විසින් සිදුකිරීමට නියමිතය.










