ඉදිරි පැය 36 තුළදී නැගෙනහිර, ඌව මෙන්ම මධ්‍යම පළාත්වලද, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වෙතද, තද වැසි තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ජනතාව ආරක්ෂාකාරීව සිටිය යුතු බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
උතුර හා වයඹ පළාත්වලටද, අනුරාධපුර දිස්ත්‍රික්කයටද පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් සිදුවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එසේම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලටද, ත්‍රිකුණාමලය, මොනරාගල දිස්ත්‍රික්කවලටද, බස්නාහිර පළාතටද, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වෙතද වැසි ඇදහැලෙන බව දෙපාර්තමේන්තුව කියයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










