විගණන පනතේ නව ප්‍රතිපාදන යටතේ වංචා හා දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ගෙන් අධිභාර අය කිරීම ආරම්භ කළ බව ජාතික විගණන කොමිෂන් සභාව පවසනවා. Sri Lanka Latest News
ජාතික විගණන කොමිසම සඳහන් කළේ, වංචාවක් හා දූෂණයක් හා අක්‍රමිතාවක් මගින් රජයට අලාභයක් සිදු කිරීම හා එය පවතින නීතියට පටහැනි ලෙස කිරීම යන චෝදනා දෙකට වරදකරුවන් වන පුද්ගලයින්ගෙන් අධිභාර අයකර ගන්නා බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියාට නියෝග පැනවීමට විගණන කොමිසමට හැකියාවක්ද පවතිනවා.
එමෙන්ම අධිභාර පැනවීමට එරෙහිව ඔවුන්ට අභියාචනා යොමු කිරීමට හැකි වනවා. ඒ සඳහා අභියාචනා කමිටුවක් පිහිටුවිය යුතු වුවත් ව්‍යවස්ථාදායක සභාව එම කමිටුව මෙතෙක් පත් කර නැහැ.
ඒ හේතුවෙන් අධිභාර නියෝග ක්‍රියාත්මක කිරීම එම කමිටුව පිහිටුවන තෙක් ප්‍රමාද කර ඇති බව ජාතික විගණන කොමිසම ප්‍රකාශ කරනවා.










