ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 දී සියයට 2 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සදහන් වේ.
කෙසේවෙතත් 2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.3 කින් වර්ධනය වනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර ඇති බව වාර්තාවේ දැක්වේ.
ගැඹුරු දේශපාලන අස්ථාවරත්වය, උද්ධමනය සහ දැඩි මුදල් අවප්‍රමාණය වීම සිදුවූ වසරක් තුළ 2022 දී ආර්ථිකය සියයට 7.8 කින් හැකිලී ගියේය.










