• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF මොරොක්කෝ වාර්ෂික රැස්වීමට සමගාමීව ලංකාවේ ණය සහ ආණ්ඩුකරණය ගැනත් අවධානය! දූෂණය පිටුදකින සංවිධාන සමූහයේ රැස්වීමට IMF එකත් එයි! Sri Lanka Latest News

October 12, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
විශාල අර්බූදයක සිටියත් ආණ්ඩුවට වෙනස් වෙන්න වුවමනා නෑ! ආණ්ඩුවේ වගවීම හා විනිවිදභාවය විශාල අනතුරුදායක තැනක! වෙරිටේ රිසර්ච් අලුත්ම හෙළිදරව්ව මෙන්න!
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාර්ෂික රැස්වීම්වලට සමගාමීව, ‘ශ්‍රී ලංකාව: ණය තිරසාරභාවය සහ ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ අත්කරගැනීමේ මාර්ග’ යන මාතෘකාව යටතේ සංවිධානය කර ඇති වැඩසටහනක් හෙට (ඔක්තෝබර් 13) මොරොක්කෝවේ මරකේෂ් නුවර දී, පැවැත්වේ.Sri Lanka Latest News

මෙම වැඩසටහන සංවිධානය කර ඇත්තේ “දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් වන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ව්‍යාපාරය” හා සම්බන්ධව සිටින සිවිල් සමාජ සංවිධානයන් ය.

ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් මුදා ගැනීම අරමුණු කරගත් ප්‍රධාන ප්‍රමුඛතා දෙකක් කෙරෙහි මෙම වැඩසටහනේදී අවධානය යොමු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් වෙන් වෙන්ව ප්‍රකාශයට පත්කර ඇති විශ්ලේෂණ වාර්තා ද්විත්වය ඉන් පළමුවැන්න යි. දෙවැන්න වන්නේ රටේ ණය සාර්ථකව සහ තිරසාරව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ IMF, රජය සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ කාර්යභාරය යි.‍

“දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් වන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ව්‍යාපාරය” හා සම්බන්ධව සිටින සිවිල් සමාජ සංවිධානයන් එක්ව සම්පාදනය කරන ලද “ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබද සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාව” සැප්තැම්බර් මැද භාගයේ දී ප්‍රකාශයට පත් කෙරිණ. ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට මුල් වූ හේතුන් ආමන්ත්‍රණය කෙරෙන ශ්‍රී ලංකාවට ඔබින ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ නිර්දේශ 34ක් මෙහි අන්තර්ගත ය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ද, සැප්තැම්බර් මාසය අග භාගයේ දී, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ විශ්ලේෂණ වාර්තාව ප්‍රකාශයට පත් කළේ ය. ආසියාකරයේ රටක් සම්බන්ධව අන්තර්ජාතික මූල්‍ය අරමුදල එවැනි ආකාරයේ වාර්තාවක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව ද, එය විය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිදුකර ඇති මෙම විශ්ලේෂණ වාර්තා ද්විත්වයට නීතියේ ආධිපත්‍යය, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීම සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමේ හැකියාව පවතී. මෙම වැදගත් කරුණු ද, සිවිල් සමාජ සංවිධාන එක්ව පවත්වන්නට යන මේ වැඩසටහනේ දී, සාකච්ඡාවට ලක් කෙරෙණු ඇත. ණය ගැනීමේ සහ පියවීමේ ක්‍රියාවලිය (ණය ආණ්ඩුකරණය) ක්‍රමවත් කිරීම නැවත නැවතත් ණය බරට වැටෙන රටවල් එම ගැටලුවෙන් ගලවා ගැනීමට ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති බාහිර පාර්ශවයන්ගෙන් ඉහළ ණය කප්පාදුවක් (Haircut) ලබාගැනීම ඇතුළු ණය තිරසරභාවය අත්පත් කරගැනීම සඳහා දැනට තිබෙනවාට වඩා දෘඩ ඉලක්කයන් තබා ගැනීම සම්බන්ධයෙන් ද, මෙම වැඩසටහනේ දී, අවධානය යොමු කෙරෙණු ඇත. එසේ කිරීම රට මත පැටවී ඇති සමස්ත ණය බර සැහැල්ලු කරනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා සහ ග්ලොබල් සවේරියන් උපදේශක ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විශ්ලේෂක තියෝ මාරෙට් යන යන මහත්ම මහත්මීහු මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දේ. තොම්සන් රොයිටර්ස් ආයතනයේ නැගී එන වෙළඳපලවල් (Emerging Markets) සම්බන්ධයෙන් වන වාර්තාකාරිනී ජෝර්ජලිනා ඩෝ රොසාරියෝ වැඩසටහන මෙහෙයවනු ඇත.
ආරාධිතයන්ට පමණත් සහභාගී වීමට අවකාශ ඇති මෙම වැඩසටහනේ ආරාධිතයන් අතර, IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු, බහුපාර්ශ්වික ආයතනවල කලාපීය ප්‍රධානීන්, ප්‍රධාන පාර්ශවකරුවන් සහ වෘත්තිකයන් ගණනාවක් සහ මාරකේෂ් නුවර පැවැත්වෙන IMF වාර්ෂික සමුළුව සඳහා සහභාගී වන ශ්‍රී ලංකික නියෝජිත කණ්ඩායමේ ඉහළ පෙළේ සාමාජිකයින් සිටී.

SendShareShare
Previous Post

ශ්‍රීලනිප ඇමැතිවරු තොගයක්ම ආණ්ඩුවේ සිටියදී මෛත්‍රීපාල රනිල්ගේ ආණ්ඩුවට රට කරවන්න පැහැදිලිවම බැරි බව කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විශාල ජනකායක් එක්ක ජැක්සන් අවසන් ගමන් අරඹයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.