රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට රට කරවීමේ හැකියාවක් පැහැදිලිවම නොමැති බව ශ්‍රී ලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.Sri Lanka Latest News
සිරස නාලිකාවේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ලෝකය තුළ නව ලිබරල්වාදය කඩා වැටෙමින් පැවතියදී ආණ්ඩුව එම ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සිටින බවත්, එය සම්පූර්ණයෙන්ම වැරදි බවත්ය.
මෙහිදී දැකගන්නට ඇති විශේෂම කරුණ වන්නේ ශ්‍රීලනිපය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම ආණ්ඩුවේ ඇමැතිකම් දරමින් සිටින අවස්ථාවක හිටපු ජනාධිපතිවරයා, ජනාධිපතිවරයාත් ඇමැති මණ්ඩලයත් විවේචනය කිරීමය.










