ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ භාවිතා නොකෙරුණු ගුවන් යානා තුනක් වෙනුවෙන් බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. (Sri Lanka Latest News)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අවශ්‍යතා තක්සේරුවට අනුව ගුවන් යානා විසි හතක් අවශ්‍ය බහු පැවසේ පැවසේ.
පසුගිය වසරේ අගෝස්තු දොළහ දිනට සමාගම යටතේ භෞතික හා මෙහෙයුම් ගුවන් යානා ඇණි පිළිවෙලින් 22ක් සහ 18 ක් විය.
ඉන් ගුවන් යානා තුනක් 2013 වර්ෂයේ ඔක්තෝබර් 29 දින සිට පසුගිය වසරේ අගෝස්තු මාසය දක්වා වූ කාලයේදී භාවිතයෙන් බැහැරව ඇත. එම කාලය තුළ බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2023 වසරේ මාර්තු 31 දිනට අලාභය රුපියල් කෝටි 59960ක් බව එම වාර්තාවේ දැක්වේ
lankadeepa










