• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරය සෙවීමට ස්කොට්ලන්ඩ්යාඩ් කැඳවීම ගැන පල්ලියේ බලධාරීන්ට සැකයක්! කරන්න ඕන දේ කෙළින්ම කියයි!

September 15, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
300ක් මරා දැමූ පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහමොළකරුවන් තවම නෑ! පල්ලිවල විශේෂ දේව මෙහෙයන්!
Share on WhatsAppShare on Facebook

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ සහය ලබා ගැනීම එම ප්‍රහාරයේ තොරතුරු වසන් කිරීමේ උත්සාහයක් බවට ශ්‍රී ලංකා පල්ලියේ බලධාරීන් සැක පහළ කොට තිබේ.

ශ්‍රී ලංකා පල්ලියේ බලධාරීන්, මානව අයිතිවාසිකම් පිළිබද ක්‍රියාකාරීන් පෙන්වා දී ඇත්තේ මෙම විමර්ශන සදහා ස්වාධීන විශේෂඥයින් සහ විමර්ශකයන්ගෙන් සමන්විත පුළුල් ජාත්‍යන්තර කණ්ඩායමක් පිහිටුවීම අත්‍යවශ්‍ය බවකි.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා USAID පරිපාලක සමන්තා පවර් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිදරව් කළේ බෝම්බ ප්‍රහාරයේ සැඟවුණු හස්තයක් තිබේ නම් පරීක්ෂණ වාර්තා සමාලෝචනය කරන ලෙස ස්කොට්ලන්ඩ්යාඩ් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාරු කරන ලද පාස්කු ප්‍රහාරයේ විමර්ශනයට සම්බන්ධ විමර්ශකයින් නැවත ගෙන්වා සත්‍ය හෙළි කිරීමට විදේශික නියෝජියන්ගෙන් සමන්විත “හයිබ්‍රිඩ්” කණ්ඩායමක් පිහිටුවිය යුතු බව රොහාන් සිල්වා පියතුමා සහ ‘අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ ‘ ඉල්ලා සිටියහ.

පල්ලිය වෙනුවෙන් අදහස් දැක්වූ පියතුමා කියා සිටියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කුමන්ත්‍රණය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කිරීම සඳහා රජය ස්වාධීන විනිසුරුවන්, දේශීය හා ජාත්‍යන්තර පොලිසිය ඇතුළු විනිවිදභාවයෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පිහිටුවිය යුතු බවයි.

ත්‍රස්තවාදී ක්‍රියාව පිළිබඳව කලින් තොරතුරු තිබූ නමුත් එය වැළැක්වීමට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට යෝජනා කළද එය වැළැක්වීමට අපොහොසත් වූ බව ජනාධිපති විමර්ශන කොමිසම වාර්තා කොට තිබිණ.

පිපිරීම් සිදුවී මාස කිහිපයකට පසු ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති වූ විට, මෙහි තොරතුරු වසන් කිරීමේ උත්සාහයක් ලෙස ඇතැම් විමර්ශන නිලධාරීන් ඉවත් කරන ලද බවකි.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය අනුප්‍රාප්තික රජයන් විසින් හසුරුවන ආකාරය පිළිබඳව ජනතාව අවධානයෙන් සිටින බවත් ඇතැම් දේශපාලනඥයන්, බුද්ධි අංශ නිලධාරීන් සහ ප්‍රහාර එල්ල කළ කණ්ඩායම අතර ඇතැයි කියන සම්බන්ධතා පිළිබඳ සත්‍යය දැන ගැනීමට අවශ්‍ය බවත් සිල්වා පියතුමා පැවසීය.

“විනිවිදභාවය නොමැතිකම නිසා වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් රජයේ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා පිළිගැනීමට සූදානම් නැත,” යැයි ඔහු පැවසීය.

සමාජ හා ආගමික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය පසිඳලීම සඳහා දීර්ඝ උසාවි සටනක් දියත් කළ සිල්වා පියතුමා පවසන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රජය විසින් සඟවා ඇති බවට සැක කිරීමට පල්ලියේ බලධාරීන්ට ප්‍රමාණවත් හේතු ඇති බවත් එය මෙතෙක් හෙළි වී නොමැති බවත්ය.

සැප්තැම්බර් 12 වැනිදා ජිනීවා නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි නිත්‍ය සැසිවාරයේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ඉඩ ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

SendShareShare
Previous Post

හකීම්ටයි-රිෂාඩ්ටයි අමෙරිකානු තානාපතිනියගෙන් විශේෂ පණිවුඩයක්!

Next Post

කළු කපුටා සුදු වන තුරු මෝල් ගහේ දළුලන තුරු මුන් හොරකම් නවත්වන්නේ නෑ! තාමත් තියෙන්නේ ඩොලර් කොමිස් ගන්න ජාවාරමක්! ඇමැතිවරු තුන් දෙනෙක් හිටියත් තෙල් ප්‍රශ්නය එහෙමමයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.