මාස තුනහමාරක් ඇතුළත කොටස් වෙළෙදපොළේ ඇති වූ දැවැන්තම කඩා වැටීම ඊයේ දිනයේ වාර්තා විය.
ප්‍රධාන සියලු කොටස් මිල දර්ශකය (ASPI) සියයට 0.65 කින් හෝ ඒකක 52.26 කින් පහළ ගොස් 8,034.74 ක් වූ අතර එය අගෝස්තු 2 න් පසු එහි අඩුම අගය ලෙස වාර්තා විය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන බවට පළව ඇති වාර්තා මීට හේතු වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
සමස්ත අයවැයෙන් වෙළඳපොළට ඍජු බලපෑමක් සිදු නොවුණත් ඉන්ධන අධිභාර බද්ද වැනි ඇතැම් ප්‍රතිපත්ති බල හා බලශක්ති ක්ෂේත්‍රයට සහ සමස්ත නිෂ්පාදන ක්ෂේත්‍රයට බලපෑම් කළ හැකි බව එම විශ්ලේෂකයෝ පවසති.