• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බදු ආදායම බිලියන 650 කරගත්තේ නෑ! සූදු පනත් වෙනස් ‌කළේ නෑ! මහබැංකු පනත සම්මත කළේ නෑ! IMF මීටරයේ ලංකාව පසුබසී! මැයි වෙද්දි ඉටු කළේ 100න් 29යි! ප්‍රධාන 3ක්ම මගහැරලා! I Sri Lanka Latest News

June 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
IMF එකෙන් ඉන්දියාවට සහතිකයක්!
Share on WhatsAppShare on Facebook

වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙහි ඇති ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100න් 29ක් මැයි මාසය අවසානය වන විට ඉටුකර ඇති ශ්‍රී ලංකාව, කැපවීම් 3ක් ඉටුකිරීමට අපොහොසත්ව ඇත. Sri Lanka Latest News

ඉටුකිරීමට අපොහොසත්ව ඇති කැපවීම් දෙකක් ආදායම හා සම්බන්ධිතය. පළමුවැන්න නම්, 2023 මාර්තු වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 2.1% දක්වා හෝ රුපියල් බිලියන 650ක් දක්වා ඉහළ දැමීමයි. නමුත් 2023 පළමු කාර්තුවේදී රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 578 ක් පමණි.

දෙවැන්න නම් මැයි 30 වන දින ප්‍රකාශයට පත් කරන ලද බදු යෝජනාව මත පදනම්ව ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්දට අදාළ බදු අනුපාත ඉහළ නැංවීමයි. සූදු ක්‍රීඩාව සඳහා වාර්ෂික බද්ද රුපියල් මිලියන 500 දක්වා ඉහළ නැංවීම, නියෝජිතයින් හරහා ඔට්ටු ඇල්ලීම සඳහා වාර්ෂික බද්ද රුපියල් මිලියන 5ක්, සජීවී රූපවාහිනී විකාශනය භාවිතා කරන අවස්ථාවක වාර්ෂික බද්ද රුපියල් මිලියනයක්, සජීවී රූපවාහිනී විකාශනයකින් තොරව ඔට්ටු ඇල්ලීම සඳහා වාර්ෂික බද්ද රු. 75,000 ක්, සහ දළ එකතුව (gross collection) මත බද්ද 15% ක් ලෙස නියම කිරීමට යෝජනා කර තිබේ. අදාළ පනත් කෙටුම්පත 2023 අප්‍රේල් මස 4 වැනිදා ප‍්‍රකාශයට පත් කෙරුණ ද, ඒ හා යමින් පනත සඳහා සංශෝධනයක් මෙතෙක් ඉදිරිපත් කර නැත.

ඉටු නොකළ තුන්වන කැපවීම වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කොට සකස් කරන ලද නව මහ බැංකු පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමයි. මාර්තු 7 වැනිදා මීට අදාළ පනත් කෙටුම්පතක් ප්‍රකාශයට පත් කළද, ඒ අනුව යමින් මහ බැංකු පනත මෙතෙක් සංශෝධනය කර නොමැත.

මැයි මස අවසානය වන විට, මාර්ගගත ක්‍රමයට මූල්‍ය විනිවිදභාවය ප්‍රකාශිත වන අයුරින් වේදිකාවක් පිහිටුවිය යුතුය යන කැපවීම අර්ධ වශයෙන් ඉටු වී ඇත. මෙම වේදිකාවේ අපේක්ෂිත අරමුණ වන්නේ (i) සැලකිය යුතු රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු, (ii) ආයෝජන මණ්ඩලය විසින් ලබා දී ඇති බදු නිදහස් කිරීම්වලින් ප්‍රතිලාභ ලබන සමාගම්වල නම් ලැයිස්තුවක් සහ (iii) සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම්වලට යටත්වන පුද්ගලයන් සහ සමාගම් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම වන අතර මෙම තොරතුරු අර්ධ වාර්ෂික පදනමින් නිකුත් කළ යුතුය.
මැයි මස අවසානය වන විට හඳුනාගත් කැපවීම් 6ක ප්‍රගතියේ තත්ත්වය නොදනී යනුවෙන් වර්ගීකරණය කර ඇත. එම කැපවීම්වල ප්‍රගතිය තක්සේරු කිරීමට අවශ්‍ය තොරතුරු නොතිබිණ යන්න එහි අදහසයි. මාර්තු සහ අප්‍රේල් මාසවලට සාපේක්ෂව යම් දියුණුවක් දක්නට ලැබුණද, තවදුරටත් තොරතුරු නොමැති තත්ත්වයක් පැවතීම කණගාටුදායකය.

වෙරිටේ රිසර්ච් ආයතනයට අනුව, IMF වැඩසටහනේ කාලීන ප්‍රගතියෙන් රටට ලැබෙන වාසි දෙකකි. පළමුවැන්න නම්, කැපවීම් ඉටුකිරීම හරහා (සියල්ලගෙන්ම නොවුනද) රටට ලැබෙන ප්‍රතිලාභයන්ය. දෙවැන්න නම්, කැපවීම් ඉටුකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පෙන්වා දීමෙන්, රටේ පාලනය කෙරෙහි විශ්වාසය වැඩිදියුණු කිරීම හරහා අතීත ණය බර ප්‍රතිව්‍යුහගත කිරීම සහ අනාගත ආර්ථික ප්‍රකෘතිය කරා යන ගමන කඩිනම් කිරීම සඳහා වන සාකච්ඡාවලට උපකාරයක් වීමය.

IMF මීටරය යනු 2023 ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යැවූ අභිප්‍රාය ලිපිය ප්‍රකාරව, එම අරමුදලේ අනුමැතිය හිමිවූ ණය වැඩසටහනේ, හඳුනාගත් කැපවීම් 100ක ප්‍රගතිය මනින ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වේදිකාවයි.

ශ්‍රී ලංකා රජයට, ජනතාවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, වැඩසටහනේ අන්තර්ගත කැපවීම්වල ප්‍රගතිය මනා ලෙස අවබෝධ කර ගැනීමට සහ නිරීක්ෂණය කිරීම සඳහා සහය ලබාදීමක් වශයෙන් මෙම වේදිකාව නිර්මාණය කර ඇත.

වැඩි විස්තර දැනගැනීමට manthri.lk/en/imf_tracker වෙත පිවිසෙන්න.

SendShareShare
Previous Post

EPF-ETF අරමුදල්-දේශීය බැංකු පද්ධතිය ආරක්ෂා කරගෙන IMF එක්ක ගනුදෙනු කරපු රටවල ලයිස්තුවක් සජිත් රටට හෙළිකරයි! මේ රටවල් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වුණේ නෑ! ඇයි ලංකාව විතරක් මේ කොන්දේසිවලට එකඟ වුණේ? සජිත් කියපු මේ කතාව ආර්ථික ඔස්තාර්ලා කියන අයවත් අඩු ගාණේ රටට කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

මවුපියන්ගෙ පහරදීම් ඉවසන්න බැරි තැන ගෙදරින් පැන ආ 15 හැවිරිදි දරුවෙක් හැටන් දුම්රිය පොළේදී පොලිසිය භාරයට I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.