ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 67 වන ස්ථානයට පත් වී තිබෙනවා.Sri Lanka Latest News
ඒ 2026 නවතම ගෝලීය සාම දර්ශකය එළිදක්වූ වාර්තාවට අනුවයි.
ලොව පුරා රටවල් 163 න් ශ්‍රී ලංකාව 67 වන ස්ථානයේ සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
දකුණු ආසියානු රවටල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ භූතානයයි.
ඉන්දියාව කලාපයේ පස්වන (05) ස්ථානයේ පසුවන අතර ඇෆ්ගනිස්ථානය කලාපයේ අවම සාමකාමීත්වය සහිත රට ලෙස සටහන්.
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ භූතානයට පමණක් දෙවැනි වන දෙවන සාමකාමී රටයි. එය සියයට 2.3ක ප්‍රගතියක්.
මිලිටරිකරණය සහ ගෝලීය සම්බන්ධතා අනුව එක්සත් ජාතීන්ගේ සාම සාධක අරමුදල් දායකත්වය 40.8% කින් ඉහළ යාම නිසා මෙම අංශයේ 6.4% ක දියුණුවක් ලබා තිබෙනවා.
දේශපාලන අස්ථාවරත්වය 25% කින් අඩුවීමත් සමඟ සමස්ත ආරක්ෂාව 1.8% කින් වර්ධනය වුණා.
2022 අර්බුදයෙන් පසු 2024 වසරේ 5% ක ආර්ථික වර්ධනය සහ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙයට බෙහෙවින් දායක වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
තවද 2025 ගෝලීය සාම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 97 වන ස්ථානය හිමි කර ගෙන තිබුණා.










