මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව සැලකීමේදී කොරෝනා වසංගතයෙන් දරුණුම බලපෑම් එල්ල වී ඇති රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්ව ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ද කොවිඩ් 19 වෛරසයට ගොදුරු වීම හා ඔක්සිජන් මත යැපෙන රෝගීන් ඇතුළු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම මීට මුල් වූ හේතුව බව අදාළ නිවේදනයේ දැක්වේ.
ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග අගය කරන අතර වසංගතයේ උච්චතම අවස්ථාවක පැන වූ ලොක්ඩවුන් නීති අපේක්ෂිත මට්ටමට ක්‍රියාත්මක නොවීම කණගාටුදායක තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.










