ලොව විශාලතම නිල් ආරුනූල් මැණික ලෙසින් ප්‍රසිද්ධියට පත් මෙරටින් හමුවූ පාෂාණය මේවන විට කුරියර් සේවාවක් හරහා ස්විස්ටර්ලන්තය වෙත යවා ඇති බව වාර්තා වේ.
මැණික් හා පතල් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසා සිටියේ එය ආරක්ෂිතව මේ වනවිට ස්විස්ටර්ලන්තය බලා රැගෙන ගොස් ඇති බවකි.
මෙම මැණික සඳහා සහතිකයක් ලබා ගත යුතු බවත්, ඒ සඳහා එය එරටට රැගෙන යන බවත් රත්වත්තේ මහතා වැඩිදුරටත් පවසා ඇත.
ඒ අනුව අදාළ පාෂාණය, මැණික් සම්බන්ධ පර්යේෂණාගාරයකට රැගෙන ගොස් ඇති අතර එහි දී පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බව සඳහය.
ඉන් අනතුරුව ඒ සඳහා තත්ත්ව සහතිකයක් නිකුත් කෙරෙනු ඇති අතර මෙම සහතිකය ලබා ගැනීමෙන් අනතුරුව එය විදෙස් වෙන්දේසියක දී අලෙවි කිරීමට බලාපොරොත්තුවන බව පැවසේ.
ලොහාන් රත්වත්තේ මහතා අනාවරණය කළේ මෙය චීනයේ පැවැත්වෙන මැණික් වෙන්දේසියක දී අලෙවි කිරීමට බලාපොරොත්තුවන බව යි.










