සෙනසුරාදා පැවති ඡන්ද විමසීමෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්වීමෙන් පසු සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුවක් තමන් නොදකින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.Sri Lanka Latest News
ප්‍රමුඛ පෙළේ ජනාධිපති අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාම තමන් ජයග්‍රහණය කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුව පිළිබඳව නැවත සාකච්ඡා කරන බවට පොරොන්දු වී තිබිණ.
මූල්‍ය අරමුදල මගින් ලබා දුන් ඉලක්ක රැසක් ක්‍රියාත්මක කරනු ලැබුවේ නන්දාල් වීරසිංහ යටතේ වන අතර හෙතෙම කියා තිබුණේ රට ස්ථාවරත්වය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බවයි.
මහ බැංකු අධිපතිවරයා පත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක අනුමැතිය ඇතිව රටේ ජනාධිපතිවරයා විසිනි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි මහ බැංකු අධිපතිවරයකු ඉවත් කළ නොහැක.










