ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් යෝජනා කොට ඇති දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව මෙරට බැංකු විසින් දැනුම්දීමක් කොට ඇති බව වාර්තා වේ.
එහිදී සියලුම බැංකු විනිවිදභාවයකින් යුතුව කටයුතු කළ යුතු බවත් එම බැංකු සදහන් කොට තිබේ.
දේශීය ණය හිමියන් සඳහා ස්වේච්ඡා ණය ‘ප්‍රශස්තකරණය’ කළ යුතු බව ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ භාණ්ඩාගාර නිලධාරීන් පවසා ඇති බවත්, ස්වේච්ඡා ණය ප්‍රශස්තකරණය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න සහ රාජ්‍ය බැංකුවලට සහ විශ්‍රාම වැටුප් අරමුදල්වලට අදාළ වන ස්වේච්ඡා නොවන අංගයක් තිබේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් බැංකු පෙන්වා දී ඇත.










