ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්තව සේවය කළ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක වන මහේෂී විජේරත්න යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පසුගියදා අත්අඩංගුවට ගත්තා. ඒ අනුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කර තිබෙනවා.Sri Lanka Latest News
ස්නායු ශල්‍යකර්ම සදහා අවශ්‍ය ශල්‍ය උපකරණ රෝහල තුළ නැති බව කියමින් එම ද්‍රව්‍ය ඈ විසින් නිර්දේශ කරන ලද පෞද්ගලික ආයතනයකින් මිලදී ගැනීමට ඔවුන් යොමු කිරීම හරහා සිය ගණනක් රෝගීන් දරුණු මූල්‍ය සූරාකෑමකට ලක් කිරීම ඇයට එල්ල වී තිබෙන චෝදනායි.
අදාල ශල්‍ය උපකරණ, රෝහලට මිල දී ගැනීම සදහා වාර්ෂික ප්‍රසම්පාදන ඇස්තමේන්තුවලට ඇතුළත් කිරීම මෙම විශේෂඥ වෛද්‍යවරිය හිතාමතාම මගහැර තිබෙනවා. එමගින් රෝගීන් සූරාකෑමට අවස්ථාව උදාකර දී ඇති බව සඳහන්.
රෝහල මගින් මිලදී ගත්තානම් රුපියල් 17,500 ක් පමණ වන ශල්‍ය ද්‍රව්‍ය, විශේෂඥ වෛද්‍යවරිය විසින් නිර්දේශ කරන ලද පෞද්ගලික ආයතනයෙන් මිලදී ගැනීම සදහා එක් රෝගියෙකු රුපියල් 125,000 ත් 250,000 ත් අතර මුදලක් වැය කර තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාරගතකර සිටින මෙම ශල්‍ය වෛද්‍යවරියට එරෙහිව මීට පෙරද චෝදනා කිහිපයක් එල්ල වී තිබෙනවා. ඉන් එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තැබීමේ සිද්ධියේදී, දුමින්ද සිල්වාට ද වෙඩි වැදී ඇති බවට ව්‍යාජ වෛද්‍ය වාර්තා නිකුත් කිරීමයි.
එමෙන්ම, කිසියම් උත්සවයක දී තවත් කාන්තාවකට පහර දී තිබෙන බවටද ඇයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා.










