• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්කොම කුණු කෙහෙළියගේ බොක්කට දාලා අත පිහිදාගත්තාම හරිද? එතකොට හිටපු අමාත්‍යාංශ ලේකම්වරු – නිලධාරීන් – සභාපතිවරු – අධ්‍යක්ෂවරු – ගණකාධිකාරිවරු – තාක්ෂණ නිලධාරීන් – ඖෂධවේදීන් බබාලද? බාල බෙහෙත් වංචාව මුලින්ම රටට හෙළිකරලා රස්සාවත් නැතිකරගෙන කෙහෙළිය හිරේ යවපු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව දෙවැනි සටන පටන් ගනී! Sri Lanka Latest News

June 28, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මේ රට බලාපොරොත්තු වෙන්නේ ජනතාවට වගකියන-විනය-විමර්ශනය-විගණනය තියෙන නීතිගරුක පාලනයක්! සජබ ආණ්ඩුවක් යටතේ ජනතාවට විශ්වාසය තැබිය හැකි-දූෂණ විරෝධී එවැනි පාලනයක් බිහිවෙන ලකුණු පේනවා! වටමේස සාකච්ඡාවලින් එළියට ඇවිත් සක්‍රීය ‌පාලනයකට අපි එකතු වෙමු! සියලු වෘත්තීයවේදීන්-සිවිල් සංවිධාන-මධ්‍යස්ථ මතධාරීන් සියලු දෙනා මේ පාලනයේ හවුල්කරුවන් වෙමු! දූෂණයට එරෙහිව සැබෑ සටන දියත් කරන සජිත්ගේ වේදිකාවට අද ගොඩවූ වෛද්‍ය චමල් සංජීව කරපු සුපිරි කතාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය ආණ්ඩු සමයේ මෙරට සෞඛ්‍ය පද්ධතියට මුදාහළ ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග රාශියක් සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වයේ වගකීම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මත පමණක් පැටවිය නොහැකි බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා. සමාජ මාධ්‍ය වෙත විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් ඒ මහතා පළකළ එම අදහස් දැක්වීම පහත දැක්වේ. Sri Lanka Latest News

‘ආයුබෝවන් මම වෛද්‍ය චමල් සංජීව. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති.
අපි දන්නවා මේ වනවිට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී ලංකාව තුළ මේ දක්වා හඳුනා නොගත් ස්ථානයක නිෂ්පාදනය කරලා රෝගීන්ට ලබා දීපු ඉමියුනොග්ලොබියුලින් තුළ ඉමියුනොග්ලොබියුලින් නොතිබිච්ච බව, බැක්ටීරියා විෂ අඩංගු ද්‍රාවණ තිබිච්ච බවත්, රිටුක්සිමැබ් කියන පිළිකා නාශක ඖෂධය වෙනුවට ඒ තුළ සෝඩියම් ක්ලෝරයිඩ් රසායනය අඩංගු යම් දියරයක් තිබිච්ච බව ගරු නීතිපතිතුමන් අධිකරණයට වාර්තා කරලා තිබෙනවා.

ඒ එක්කම අපිට පේන දෙයක් තමයි පහුගිය කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙච්ච සියලු අකටයුතුකම්, අක්‍රමිකතා, අකාරයක්ෂමතාවන් මේ කෙහෙළිය රඹුක්වැල්ල මත පමණක් පටවලා ඇඟ බේරගන්න වර්තමාන සෞඛ්‍ය පරිපාලකයන් සහ දේශපාලකයන් උත්සාහ දරනවා. අපි මේ වෙලාවේ අවධාරණය කරනවා, විශේෂයෙන්ම අල්ලස් කොමිසමට, මොකද අල්ලස් කොමිසම මේ ඉමියුනොග්ලොබියුලින් වංචාව ගැන තවදුරටත් විමර්ශන කරන නිසා. අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනෙ දේ තමයි මේ බාල ඖෂධ ලංකාව ඇතුළේ හදලා ලංකාවේ රෝගීන්ට බෙදාදීම සඳහා වන ටෙන්ඩරය සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් වුණාම, ඒ ටෙන්ඩරය අනුමත කරපු රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිවරු, ඒකෙ හිටපු අනෙකුත් නිලධාරීනුත් මේ වංචාවට වග කියන්න ඕනෙ.

ඒ වගේම තමයි මේ බාල ඖෂධ හදන්න ලංකාවේ රුධිර බැංකුව රුධිරය විකුණපු බව මුල් පරීක්ෂණවලදී අනාවරණ වුණා. සෞඛ්‍ය ලේකම්වරයාගේ අභිමතය පරිදි නිසි ක්‍රමවේදයෙන් තොරව බාල ඖෂධ හදන්න රුධිර බැංකුව කොහොමද රුධිරය විකිණුවේ?

ඒ වගේම තමයි මේ ප්‍රසම්පාදන යාන්ත්‍රණයෙන් පස්සේ මේ ඖෂධ මිලදී ගැනීමට පෙර තියෙන ඇගයීම් කමිටුවේදී මේ සම්බන්ධව තිබෙන එච්.එස්. කෝඩ් පරීක්ෂා කරන්නේ නැතුව, මේ ඖෂධ ලංකාව ඇතුළේ හදන බවට යම් යම් ඉඟි ඒ සැපයුම්කරු ලබාදීලා තිබියදී මේ ක්‍රියාවලිය නිසි පරිදි අධීක්ෂණය කරන්නේ නැතුව අනුමත කරපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණකාධිකාරිවරු, තාක්ෂණික නිලධාරීන් මේකට වග කියන්න ඕනෙ කියලා අපි ඒ දවස්වල ඉඳලම කිව්වා.

ඒ විතරක් නෙමෙයි, මේ එකිනෙකට වෙනස් ඖෂධ කාණ්ඩ විශාල ප්‍රමාණයක් නිසි ලියාපදිංචියෙන් තොරව වෛද්‍ය සැපයුම් ඒකකයට භාරගනිපු නිලධාරීන්, ඒකේ හිටපු සහ ඉන්න අධ්‍යක්ෂවරු, අදාළ තොග පාලකවරු, ඖෂධවේදීන් පවා මේ කුමන්ත්‍රණයට වගකියන්න ඕනෙ. ඒ නිසා අපි හිතන්නේ නෑ, මේක කෙහෙළිය රඹුක්වැල්ල මත පමණක් පටවලා ඉතුරු දූෂිත නිලධාරීන්ට මේකෙන් ගැළවෙන්න අල්ලස් කොමිසම ඉඩලබා දිය යුතුයි කියලා.

මොකද මේක සංවිධානාත්මක කුමන්ත්‍රණයක්. කෙහෙළිය කියන්නේ අපි තාමත් විශ්වාස කරනවා මේ කුමන්ත්‍රණයේ එක ඉත්තෙක් විතරයි. ඒ නිසා සැපයුම්කරු බාල ඖෂධ හදලා වෛද්‍ය සැපයුම් ඒකයට ලබාදුන්නා නම් ඒ ඖෂධ ලබාගත්ත මොහොතේ නියාමන අධිකාරිය පරීක්ෂා කළ යුතුව තිබුණා. රෝගීන්ට බෙදාදීමෙන් පස්සේ අහඹු සාම්පල ඖෂධ නියාමන අධිකාරිය පරීක්ෂා කළ යුතුව තිබුණා.

අපේක්ෂා රෝහල, කැලණිය විශ්වවිද්‍යාලය, ලංකාවේ වෛද්‍ය පීඨ, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රසායනාගාර කීපයක මේ ඖෂධ ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ අවම පහසුකම් තිබෙනවා. එතකොට ඒවා මුකුත් පරීක්ෂා කරන්නේ නැතුව අත්දෙක බැඳගෙන ඉඳලා, දැන් නීතිපතිතුමන් අධිකරණයට කියනකන් මේ ඖෂධවල තිබුණේ විෂ, මේ ඖෂධවල තිබුණේ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා සෞඛ්‍ය බලධාරීන් නිදාගෙන හිටියේ ඇයි?

එතකොට අදටත් අපේ රටට ගෙන්වන ඖෂධ නිසි පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියගත තත්ත්ව යටතේ හෝ ශ්‍රී ලංකාවේ ප්‍රමිතිගත තත්ත්ව යටතේ Sri Lankan Accredited Body Standard, අපි කියනවා SLAB ප්‍රමිතිගත තත්ත්ව යටතේ රසායනාගාර පරීක්ෂණවලට ලක්වෙන්නේ නෑ. ඒ නිසා මේ වෙලාවෙත් අපේ රටේ රෝහල් පද්ධතියේ බෙදන ඖෂධ ගැන පෙර විමසුම, ඖෂධයක් නැවෙන් ගොඩබෑවට පස්සේ සිදුකරන විමසුම, ඖෂධයක් රෝහල් පද්ධතියට බෙදාහැරියට පස්සේ කරන අහඹු සාම්පල විමසුම මේ වෙලාවෙත් නිසි පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිගත තත්ත්වය යටතේ ලංකාවේ සිද්ධ වෙන්නේ නෑ.

එතකොට අවාසනාවට වගේ මේවා නිවැරදි කිරීමේ හැකියාවක්, මේවා නිවැරදි කිරීමේ ප්‍රතිපත්ති මාලාවක් අපට අද දකින්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ගේ වාසනාවට ඖෂධ සමාගම් ගැන විශ්වාසය තිබිලා ඒ ඖෂධ සමාගම් ලබාදෙන ප්‍රමිති සහතික ගැන විශ්වාසය තියලා අපේ රටේ මිනිස්සුන්ට ඖෂධ බෙදීම තමයි දැන් නියාමන අධිකාරිය වැඩි ප්‍රමාණයක් කරන්නේ.

එතකොට ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පාලන රසායනාගාරයේ වැරදි අඩුපාඩු නිසා හොඳ ඖෂධ වැරදි විදියට ලේබල් වෙනවා. වැරදි ඖෂධ හොඳ විදියට ලේබල් වෙලා මහජනතාව වෙතට ගලායන ක්‍රමය අදටත් නතර වෙලා නෑ. ඒ නිසා මේ රටේ මහජනතාවට ඖෂධ බෙදාහැරීම ගැන, නියාමනය ගැන විශ්වාසයක් ඇතිවෙන්න නම්, තමාගේ ඥාතියාට හෝ තමාට දෙන පිළිකා ඖෂධය, ප්‍රතිජීවක ඖෂධය හෝ වෙනත් ඕනෑම ඖෂධයක් හෝ ඉමියුනොග්ලොබියුලින් හෝ විශ්වාසවන්ත සහ ගුණාත්මකභාවයෙන් තිබෙන බවට සහතිකයක් ඇති කරන්න නම් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වැරදි ක්‍රමවේද මගහැරලා ජාත්‍යන්තර ප්‍රමිතිගත තත්ත්වය යටතේ ඖෂධ පරීක්ෂා කිරීමේ ක්‍රම කඩිනමින් ආරම්භ කරන්න ඕනෙ.

එහෙම නැතුව මේ ඔක්කොම කෙහෙළියගේ ගිණුමට දාලා අත පිහිදා ගත්තොතින් හෙට දවසෙත් මෙවැනි අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයාගෙන්, මේ ඇමැතිවරු හෝ නිලධාරීන් මත විශ්වාසය තියන්නේ නැතුව මේ රටේ සෞඛ්‍ය පද්ධතිය නිවැරදි කරන්න නිවැරදි මාර්ගෝපදේශ සහ යෝජනා ලබාදෙන විද්වතුන් සමග සාකච්ඡා කළ යුතුයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිගත රසායනාගාරයක් ලංකාවේ හදන එක අමාරු වැඩක් නෙවෙයි. අපි ලෑස්තියි ඒ වගකීම භාරගන්න. ඒකට අවශ්‍ය වෙන්නේ මෙහෙම දෙයක් කරන්න ඕනෙ කියලා සැබෑ ඕනෑකමක් ඇතිවෙන එක. එහෙම වුණෝතින්, නලින්දට පුළුවන් ඇත්තටම චේ ගුවේරා කෙනෙක් වෙන්න. ස්තුතියි.’

මාධ්‍යවේදියා ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

8.30ට ගෙදරින් ඇවිත්! 9ටත් සභාවට ඇවිල්ලා නෑ! දෙන්නා උණවටුනෙ බීච් එකේ ඉන්නවා! වැලිගම නාට්ටිය ළඟ නැව්වා වැඩිද මන්දා..! එතකොට කොහොමද බාහිර කණ්ඩායමක් සභාව ඇතුළට ඇවිල්ලා කෑගහන්නේ? ආණ්ඩු බලයකුත් තියාගෙන මේ ලොන්තයින්ට හරියට වැඩක් කරන්න බැරිද? කොමසාරිස් මොකද කරන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

දිනන්න නම් සජබෙ කරන්න ඕනේ දේ මෙන්න! ඔන්න ඕකයි ප්‍රශ්නෙ! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.