කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ දැනුවත් කිරීම සදහා අද (03) දහවල් 2ට පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ විශේ්ෂ රැස්වීම අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1හි මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතව තිබිණ.
ඒ සදහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වන සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයටද ආරාධනා කොට තිබිණ.
කෙසේවෙතත් මෙම සාකච්ජාව උණුසුම් එකක් වනු ඇති බවට බොහෝ දෙනා මත පළ කොට තිබූ අතර අද දහවල් එම සාකච්ජාව අවලංගු කිරීමට පියවර ගෙන ඇත.








