ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ජා කිරීම සදහා අවශ්‍ය ජාත්‍යන්තර නීති ආයකනයක් තෝරා ගැනීම සදහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කොට ඇත.
මෙම කමිටුවට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්, අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි, මුදලි අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් ඇතුළත්ය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ජා කිරීමට අප්‍රේල් දෙවන සතියේ අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.










