සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ.
එමෙන්ම එම භාණ්ඩවල මිල අනවශ්‍ය ලෙස ඉහළයෑමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබේ.
මිල තීරණය කිරීම පාරිභෝගික අධිකාරියට පවරා ඇති අතර මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මිල නියම කෙරෙනු ඇත.
අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් එලෙස උපදෙස්දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.










