පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති තිරුකුමාර් නඩේසන් මහතා සම්බන්ධයෙන් තවත් විශේෂ හෙළිදරව්වක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද දිනයේ පාර්ලිමේන්තුවේදී සිදුකළේය.
එහිදී මරික්කාර් මහතා පෙන්වා දුන්නේ රාජපක්ෂ ආණ්ඩු සමයේ චීන සමාගම්වලින් බිලියන ගණන් මුදල් මෙම ගිණුම්වලට ගොස් ඇති බවකි.
ඉදිරියේදී මේ පිළිබදව තවත් කරුණු හෙළිදරව් වීමට නියමිත බව ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය.










