• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාරුවීම් අනුමත කරන්න ඔබට කිසිම බලයක් නෑ! ආවරණ අනුමැතිය කියලා එකකුත් නෑ! මේක අනීතිකයි! නීතියට පටහැනියි! බලය අතික්‍රමණය කරලා! ස්ථාන මාරුවීමේ නියෝගය මම පිළිගන්නේ නෑ! දකුණේ ‌SDIG අජිත් රෝහණ නැගෙනහිරට නොයන්න තීන්දු කරයි! මාරු කිරීම කළ ‌පොලිස් අමාත්‍යංශයේ ලේකම්ට පරණ නඩු මතක් කරමින් සැර ලියුමක් යවයි! යවපු ලියුම මෙන්න!

April 26, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Share on WhatsAppShare on Facebook

මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ලබා දී ඇති අනීතික ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් නොමැති බව දැනුම් දෙමින් දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශය බාර ලේකම්වරයා වන වියානි ගුණතිලක මහතා හට ලිපියක් යොමු කොට ඇත.

ඒ, ඊයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුකර ඇති බවට නිවේදනය නිකුත් වීමෙන් අනතුරුවය.

එහිදී අජිත් රෝහණ මහතා අවධාරණය කොට ඇත්තේ මාරුවීම් අනුමත කරන්න මහජන ආරක්ෂක අමාත්‍යංශය බාර ලේකම්වරයාට කිසිම බලයක් නොමැති බවත්, ආවරණ අනුමැතිය යනුවෙන් කිසිවක් නොමැති බවත්, මෙය අනීතික, නීතියට පටහැනි, බලය අතික්‍රමණය කළ එකක් බවත්ය.

එම නිසා මෙම ස්ථාන මාරුවීමේ නියෝගය තමන් පිළිගන්නේ නැති බවද අජිත් රෝහණ මහතා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.

ඊයේ දින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබේ.

එසේම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුර දක්වා මාරුකර තිබේ.

මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් පී මැදවත්ත මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සහ වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇත.

මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ් කේ ජයලත් මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත.

එසේම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර් එල් කොඩිතුවක්කු මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා සුභසාධක හා ක්‍ෂේත්‍ර බළකා සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිසහායක සේවා ලෙස මාරුකර ඇත.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ් කේ සිල්වා මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක හා ක්‍ෂේත්‍ර බළකා ලෙස මාරුකර තිබේ.

2023.04.25Download
SendShareShare
Previous Post

ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන මහා විපක්ෂ සන්ධානය පිට පිට දෙවන දිනටත් රැස්වෙයි! ඊයේ හිටියෙ නැති දෙමළ සන්ධානය-කොමියුනිස්ට් පක්ෂය-ස්වාධීන මන්ත්‍රීවරුත් එක්වෙයි! VIDEO & PHOTOS

Next Post

අදත් වැඩිය රස්නෙ නෑ! තැන් කීපයකටම වහිනවා!

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.