• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පලයං පුතේ…. හිරේ ගිහින් උඹ හැදිලා වරෙන්…!’ අම්මා එහෙම කිව්වනෙ තම පුතාට…! Sri Lanka Latest News

October 5, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
‘පලයං පුතේ…. හිරේ ගිහින් උඹ හැදිලා වරෙන්…!’ අම්මා එහෙම කිව්වනෙ තම පුතාට…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අම්මා කෙනෙක් හැමදාම ප්‍රාර්ථනා කරන්නේ දරුවන්ගේ යහපත හා යහමගයි. සමහර දරුවන් ඉන්නවා කොයි තරම් යහපත් මාර්ගයට ගන්න හැදුවත් ගන්න බැරි. එහෙම වුණාම මවුපියෝ අසරණභාවයට පත්වෙනවා. දරුවන්ව හදාගන්න බැරි වුණාම නීතියෙන් හරි දරුවන්ව යහමගට ගන්න පිහිට පතන්න ඔවුන්ට වෙනවා. අද ඔබට කියන්න යන මේ කතාව අපට අසන්නට ලැබුණේ ලෝක ළමා දිනයේ උණුසුම යන්නත් මත්තෙන්. ඒ, නාවලපිටිය පොලිස් බලප්‍රදේශයෙන්.Sri Lanka Latest News

දරුවන් කරදඬු උස්මහත් වෙලා වැඩිහිටියෝ වුණාම වයසක මවුපියෝ හරි අසරණයි. නමුත් අම්මලා තමන්ගේ අවසන් හුස්ම හෙළනකල්ම ඒ දරුවෝ මේ සමාජයට කොයිතරම් වැරදි දේවල් කළත් ඒ අම්මලා දරුවන්ව අතහරින්නේ නැහැ. ඒ තමයි අම්මලාගේ හැටි. එහෙම නැත්නම් අම්මලාගේ විදිය. මේ සිදුවීමෙත් අම්මා අසරණයි. තම පුතා සහ ඔහුගේ බිරිඳ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කර අසුවුණාම ඔවුන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. පොලිස් ජීප් රියට නගිද්දී තමන්ව මේ ලෝකයට උපද්දවපු අම්මා තම පුතාට කීවේ එකම එක වචනයයි. ඒ ‘උඹ හැදිලා වරෙන්……’ කියලායි. සමහර අම්මලා නම් තමන්ගේ දරුවන් කොයි තරම් වැරදි කළත් දරුවා නිවැරැදි බව පවසන අයත් මේ සමාජයේ ඉන්න කාලයක මේ අම්මා කිව්වේ එහෙමයි. මේ වගේ මවුපියන් සමාජය අගය කළ යුතුයි.

නාවලපිටිය ප්‍රදේශයේ තරුණ යුවලක් අයිස් මත්ද්‍රව්‍ය විකුණන බවට ලද තොරතුරක් මත පොලිසිය අදාළ නිවස වැටලුවා. ඒ වනවිටත් එම අයිස් මත්ද්‍රව්‍යවලට ගමේ බහුතරයක් තරුණයන් බිලිව තිබුණා. ලද තොරතුරක් මත අදාළ යුවල අත්අඩංගුවට ගත් අතර පොලිසිය අසල්වැසියන්ට පැවැසුවේ මේ නිවසට කවුරු හරි පැමිණියහොත් දැනුම් දෙන ලෙසයි. පොලිසිය නිවස පරීක්ෂා කරද්දි මත්ද්‍රව්‍ය ඉරීම සඳහා භාවිත කළ ගොටු සහ විවිධ භාණ්ඩ සමග ජංගම දුරකතනයක් සොයාගෙන තිබුණා.

බොහෝ දරුවන් මවුපියන්ගේ කීම අහන්නේ නැතුව ජීවිත විනාශ කරගන්නේ මත්දුව්‍යවලට ගොදුරු වීමෙන්. දරුවන් වැරදි කළාම බොහෝ දෙනෙක් බැණවදින්නේ මවුපියන්ටයි. ඒත් එවැනි මවුපියන්ගේ අසරණභාවය දන්නේ එහෙම මත්ද්‍රව්‍යවලට ගොදුරු වුණු පවුල්වල මවුපියන් පමණයි. ඔවුන් එක අතකින් අසරණයි. එක අතකින් දරුවා හදාගන්නත් ඕනේ. පොලිසියට ගිහින් තමන්ගේ දරුවා යහමගට යොමුකර දෙන්න කියන්න බැහැ. බොහෝ දරුවන් මේ අයිස් මත්ද්‍රව්‍යවලට යොමුවෙන්නේ නොමනා මිතුරන්ගේ ඇසුර නිසයි. බොහෝ දරුවන් පුනරුත්ථාපනය කරන්න කියලා බන්ධනාගාරවලට යවනවා. නමුත් ඔවුන් දඬුවම අවසන් කරලා ඉන් එළියට එන්නේ ඊටත් වැඩිය දරුණු විදියට කියලයි බන්ධනාගාරවලට ගිය බොහෝ අයගේ ආදරණීයයන් නම් කියන්නේ. බොහෝ තරුණයන් මත්ද්‍රව්‍යවලට යොමුවෙන්නේ රාත්‍රී කාලයේ පාළු පාරවල්වලයි. පසුගිය කාලයේ පොලිස් නිලධාරීන් රාත්‍රී කාලයේ ගම්වල සංචාරයේ යෙදුණු නිසා මත්ද්‍රව්‍ය භාවිත කරන තරුණයන් බියට පත්වුණා. නිකරුණේ පාරවල් ගානේ ඇවිදින එක අඩු වුණා. නමුත් අද වෙනකොට එහෙම පොලිස් නිලධාරීන් පාරවල්වල රාත්‍රියේ මුර සංචාරය කරනවා දක්නට ලැබෙන්නේ තරමක් අඩුවෙන්.

දරුවෝ වැරැද්දක් කළොත් ඒ වරද දරුවන්ට වටහා දිය යුතුයි. මේ අම්මත් තමන්ගේ දරුවා වැරදියි කියලා පිළිගත්තා. අම්මට හදන්න බැරි දරුවන් වෙනුවෙන් නීතියේ පිහිට පතන්නේ සමාජයට හොඳ දරුවෙක් දායාද කරන්න තියෙන කැමැත්ත නිසයි. දහදුක් විඳලා බඩට හරිහමන් ආහාරයක් නැතිව මවුපියෝ දුක් විඳලා දරුවන්ට උගන්වනවා. ජීවිතයම කැපකරනවා. කොයිතරම් මවුපියන්ට අසනීප වුණත් දරුවන් වෙනුවෙන් යුතුකම් මග හරින්නේ නැහැ. පාසල් අධ්‍යාපනය තුළ විනයක් ඇතිකළ යුතුයි. ඉවසීම සහ සංවේදීකමක් තියෙන දරුවන් සමාජයට දායාද කළ යුතුයි. ඇතැම් තරුණ දරුවන්ට සම වයසේ යාළුවෝ තමන්ගේ යාළුවාට ගෙනත් දෙනවා මත්ද්‍රව්‍ය අත්හදා බලන්න කියලා. නරක ආශ්‍රය නිසාම දරුවන් නොමගට යනවා.

මේ සිදුවීම අහනකොට අම්මා කෙනකුගේ ආදරය කොයිතරම්ද කියලා අපට දැනෙනවා. මිතුරු මිතුරියන් අද ඉන්න පුළුවන්. හෙට නැති වෙන්න පුළුවන්. ඒත් අම්මා කෙනෙක් දරුවන් කොයිතරම් වැරදි කළත් මගහැරලා යන්නේ නැහැ. මේ මත්ද්‍රව්‍ය ක්‍රියාදාමයේ අවසානයේ දරුවන්ට ඉතිරි වන්නේ බන්ධනාගාරය පමණයි. බන්ධනාගාරය කියන්නේ වැරදි කරන අය වෙන්කරලා කොන්කරලා තියන තැනයි. කවුරු හරි සතුව විෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සන්තකයේ තිබුණොත් බන්ධනාගාරගත කරන්න නීති අපේ රටේ තියෙනවා.
තමන්ගේ දරුවෙක් පෝරකයට ගියත් පෝරකයේ දොර ළඟ අම්මා ඉඳගෙන බලාගෙන ඉන්නවා. අපේ හදවතට නැගෙන සින්දුවක් තියෙනවා. සත්‍ය සිදුවීමක් ඇසුරින් ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා රචනා කර ගායනා කරන ඒ ගීතය නම් ‘බුදු හාමුදුරුවො වැඩියා වාගේ’ කියන ගීතයයි. කවුරු හරි දරුණු වැරැද්දක් කළොත් නීතියෙන් සමාවක් ලැබෙන්නේ නැහැ. අතීතයේදී බරපතළ වැරදි කරන අයට මරණ දණ්ඩනය දුන්නා.

මේ සත්‍ය සිදුවීම වුණේ කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ සනත් නන්දසිරි මහතාගේ ගෙදර බණකඩ වැඩලා කිව්වේ එදා උදෑසන සිරගෙදරට යන්න වුණා කියලා. මේ සිදුවීම විස්තර කළේ සනත් නන්දසිරි මහතාගේ නිවසේ පැවැත්වූ දේශනාවකදියි. හිරගෙදර සිටි මරණයට නියම වුණු තරුණයෙක්ට ධර්මය දේශනා කරන්න ගිය මොහොතක තරුණයා අහනවා සද්ධාතිස්ස හාමුදුරුවන්ගෙන්, හාමුදුරුවන්ටවත් මාව බේරගන්න බැරිද කියලා. නමුත් හාමුදුරුවන්ට කටඋත්තර නැතිව ගියා. මේ තරුණයා පාපෝච්චාරණයක් කරනවා, තරුණ කාලේ මට ඕනෙ තරම් යාළුවෝ හිටියා, ඒත් දැන් ඒ කවුරුවත් නැහැ අම්මා විතරයි ඉන්නේ කියලා. මම වැරදි කරන කොට හදන්න කවුරුවත් හිටියේ නැහැ කියලා ඔහු පාපෝච්චාරණය කළා. මේ තරුණයාටත් අම්මාගේ වටිනාකම තේරුම් ගියා. බන්ධනාගාරයට බත් ගෙනාවේ මගේ අම්මා විතරයි කියලා ඔහු කිව්වා. මේ තරුණයට කළ ධර්ම දේශනාව අවසානයේ අලුගෝසුවෝ එනවා තරුණයා රැගෙන යන්න. ඒ වෙලාවේ හාමුදුරුවන්ට කියනවා අද මාව එල්ලනවා කියලා මගේ අම්මා දන්නවා. මගේ අම්මා ඇවිල්ලා ඇති හිරගෙදර දොරකඩට. අපේ අම්මා හිටියොත් දොරකඩ අම්මට හාමුදුරුවනේ කියන්න මාව එල්ලලා මැරුවා කියලා. උන්වහන්සේ නැවත වඩිනකොට හිරගෙදර දොරකඩ ළඟ මේ අම්මා හිටියා. අලුගෝසුවෝ උන්වහන්සේට කිව්වා ඒ අර එල්ලා මරණ තරුණයාගේ අම්මා කියලා. හාමුදුරුවන් හිතුවේ කොහොමද මේ කතාව අම්මාට කියන්නේ පුතාව එල්ලලා මැරුවා කියලා. හාමුදුරුවන්ගේ ඇස්වල කඳුළු පිරුණා. නමුත් සිද්ධිය කියාගන්න බැරිවුණා. මේ සිදුවීම තමයි සනත් නන්දසිරි මහතා පසු කාලයක ගීතයක් බවට ප්‍රතිනිර්මාණය කළේ.

අපි වරදක් කළාම අපි උදව් ඉල්ලනවා. මේ තරුණයා සද්ධාතිස්ස හාමුදුරුවන්ව දැක්කේ බුදු හාමුදුරුවො වාගෙයි. මොකද ඒ කාලයේ බුදු හාමුදුරුවෝ බොහෝ දෙනෙක්ව පාපයෙන් ගලවාගත්තා. මරණයට නියම වෙච්ච අයව බේරා ගත්තා. ඒ නිසා තමයි මේ තරුණයා කියන්නේ ‘බුදු හාමුදුරුවෝ වැඩියා වාගේයි’ කියලා.
දරුවෝ කොයි තරම් වැරදි කළත් අම්මලා ඔවුන්ව අතහරින්නේ නැහැ. මේ අම්මත් තමන්ගේ පුතා පෝරකයට නියම වෙච්ච දවසේ සුසුම් හෙළුවා.
‘මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ…


මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ…’
අම්මා මේ වේදනාව කොහොම දරාගනීවිද කියලා සද්ධාතිස්ස හාමුදුරුවෝ කල්පනා කළා. මග වඩිනකොට දැක්කා බන්ධනාගාරයේ දොරකඩ ඒ අම්මා පුතා වෙනුවෙන් හඬාවැටෙනවා. මේ පුතා කියනවා ‘මගේ ගෙල සිඳලන්න දෙන්න එපා… මගේ අම්මාට මගේ මළකඳ පෙන්වන්න එපා…’ කියලා මේකෙන් අපි තේරුම් ගන්න ඕන අපි වැරදි කළොත් ඒ වැරදිවල වේදනාව දරන්නේ අපේ අම්මලා. අම්මා මාව දැක්කොත් පපුව පැළිලා මැරෙයි. ඒ වේදනාව දරුවෝ නොදන්නවා නෙවෙයි. තරුණයන් හිතන්න ඕනේ තමන් වැරදි දේවලට යොමු වෙනකොට ඒ වේදනාව දැනෙන්නේ වැඩියෙන්ම තමන්ගේ අම්මාට තාත්තාට බව. තාත්තා වේදනාව පිටකරන්නේ නැහැ. සඟවා ගන්නවා. අද හිටියා හෙට නැතිවෙන අපේ බොහෝ යාළුවෝ ඉන්නේ විනෝද වෙන්න විතරයි. දුකේදි තමන්ගේ යාළුවෝ කියන අය නැතිව යනවා. අම්මා කියන කෙනා එහෙම නැහැ.

‘ඇතිදා ළඟහුන්‌ මිතුරන්‌ මතු සසරෙදි හමුවන්න එපා…
නැනිදා ළඟහුන්‌ බුදු අම්මේ ඔබ දුක්‌ ගිනි ගන්න එපා….’

තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට යොමුවෙන්නේ විනෝදකාමී ජීවිතය නිසයි. ඒත් අම්මා දහස් වරක් කියන්න ඇති මේ පුතාට ඔය වැරදි ගති පුරුදුවලින් ඈත් වෙන්න කියලා. නමුත් ඒවා මේ තරුණයා ඇහුවේ නැහැ.

‘නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසි දිනක සමා…..
කෙළිලොල්කම් පිරි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා…
මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි….’

කවුරු නැති වුණත් අම්මා මේ ලෝකේ ඉන්නවා කියලා දරුවකුට දැනෙනකොට ඒ සතුට කියාගන්න බැහැ. අම්මලා බලන්නේ දරුවන් වරදින් මුදාගෙන හොඳ මිනිසෙක් කරන්නයි.

‘දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගේ පුතුයි අනේ…
මතු උපදින දා මගේම පුතු වෙයන්…’

අම්මා කෙනෙක් තමන්ගේ දරුවා නරක මිනිස්සු ආශ්‍රය කරනවාට කැමැති නැහැ. කවදාවත් අම්මා කියන්නේ නැහැ උඹ නම් ලබන ආත්මේ මගේ ඇහැකටවත් දකින්න ලැබෙන්න එපා කියලා. ඒ අම්මලාගේ හැටි. ඒ අම්මලාගේ විදිය. අපි හොඳට හිටියත් නරකට හිටියත් තමන්ගේ දරුවා තමන්ගේම තමයි. මේ ගීතය අම්මෙකුගේ ආදරය කොයි තරම්ද කියන වග අපට විද්‍යමාන කරනවා. අම්මලා හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ දරුවන් සමාජයට හොඳ මිනිහෙක් කරලා දායාද කරන්නයි…

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රාජසිංහ රජුගේ ඔටුනු දෙකම උස්සලා! Sri Lanka Latest News

Next Post

අල්ලස් කොමිසම ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීම කල් යන ලකුණු! ජනාධිපති නීතීඥවරයකු හරහා ඇමැති අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කරලා!  I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.