ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට පෙරාතුව ජනතාව මහත් පීඩාවට පත්ව සිටින ආර්ථික ප්‍රශ්නය විසදන ලෙස පොහොට්ටුවේ මන්ත්‍රීවරු අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී සිටියහ.
ඊයේ පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සියලුම මන්ත්‍රීවරු එක හඩින් වික්‍රමසිංහ මහතාට කියා සිටියේ පළමුව ආර්ථික ප්‍රශ්නය විසදිය යුතු බවකි.
ඉන් අනතුරුව ව්‍යවස්ථා සංශෝධන සිදු කළ හැකි බව ඔවුන් එහිදී අගමැතිවරයාට පෙන්වා දී තිබේ.
මෙහිදී මුලින්ම විජයදාස රාජපක්ෂ මහතා 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කරද්දී ඊට එරෙහිව මුලින්ම අදහස් දක්වා ඇත්තේ සරත් වීරසේකර මහතාය.
තමන් 19 වැනි සංශෝධනයටද එරෙහි වූ බව එහිදී කියා ඇති වීරසේකර මහතා 21 වැනි සංශෝධනය මේ මොහොතේ බලාත්මක නොකළ යුතු බවත්, ඒ හරහා රට තුළ අරාජිකත්වයක් මතුවිය හැකි බවත් පෙන්වා දී ඇත.
ඉන් අනතුරුව නාලක ගොඩහේවා මහතා සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ද පෙන්වා දී ඇත්තේ 19 වැනි සංශෝධනය රැගෙන ආවේ 20 වැනි සංශෝනය ගෙන එන බවට පොරොන්දු වීි බවත්, යහපාලන ආණ්ඩුව එම පොරොන්දුව කඩ කළ බවත්ය.
කෙසේවෙතත් මෙහිදී නිමල් ලන්සා මහතා රටේ ජනමතය එය නොවන බවත්,අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුව ඇති බවත්, එසේ නොවන්නේ නම් නැවත වතාවක් ජනතාවගෙන් ගුටි කෑමට සිදුවනු ඇකි බවත් පවසා තිබේ.
නමුත් ඊට එරෙහිව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෛ්න්තු මන්ත්‍රී මායාදුන්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ගේ නිවස තුන් වතාවක් ගිනි තැබූ බවත්, ඒවාට බයේ දේශපාලනය කළ නොහැකි බවත්ය.
ඒ අනුව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බහුතරයක් 21ට විරුද්ධව අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ ව්‍යවස්ථා සංශෝධන සිදු කරනවාට වඩා ආර්ථිකය ගොඩගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති බවකි.