අද පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළ රැස්වීමකදී පක්ෂයේ මතයට පිටින් ගොස් ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබා ගත් නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගත යුතු බවට තීන්දු කොට ඇත.
මෙම රැස්වීම පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී ඇති අතර ඊට පක්ෂයේ විධායක සභාව නියෝජනය කරන පිරිස්ද, මධ්‍යම කාරක සභාව නියෝජනය කරන පිරිස්ද, ආසන සංවිධායකවරුන් කිහිප දෙනකුද සහභාගී වී සිට ඇති බව වාර්තා වේ.
එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බ න්ධයෙන් සාකච්ජා වී ඇති අතර නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා සම්බන්ධයෙන්ද සාකච්ජා වී තිබේ.
මෙම සාකච්ජාවේදී රැස්ව සිටි බහුතරයකගේ මතය වී තිබුණේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගත යුතු බවකි.
කෙසේවෙතත් මෙම රැස්වීමට නිමල් සිරිපාල ද සිල්වා මහතාට සහ මහින්ද අමරවීර මහතාට ආරාධනා කර නොතිබීම විශේෂ සිදුවීමකි.
එහෙත් ආණ්ඩුවට එක්වනු ඇති බවට මාධ්‍ය වාර්තා පළව තිබූ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ ජගත් පුෂ්පකුමාර යන මහත්වරු ඊට සහභාගී වී සිටියහ.










