• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට නුගේගොඩ පොහොට්ටුවේ රැළිය..! ජනවාරියේ සජබ ආණ්ඩු විරෝධී සටන පටන් ගන්නවා..! VIDEO I Sri Lanka Latest News

November 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලබන ජනවාරියේදී සමගි ජන බලවේගය ආණ්ඩු විරෝධී සටන ආරම්භ කරන බව එම පක්ෂයේ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.Sri Lanka Latest News

මන්ත්‍රීවරයා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේද කීය.

‘‘රටේ රාජ්‍ය අංශයේ ක්ශ්‍රේත්‍ර රැසක් නියෝජනය කරමින් ජනතාව ආණ්ඩුවේ ක්‍රියා කලාපයන්ට විරුද්ධව උද්ඝෝෂණ පවත්වන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය අංශයේ සේවය කරන නිලධාරීන්ට අවශ්‍ය ශක්තිය සහ සහයෝගය ලබාදී රටට අවශ්‍ය තින්දු තිරණ නිසි වේලාවට ගන්නා ක්‍රමවේදය සකස් කරන්න ආණ්ඩුව කටයුතු කර නැහැ. මේ වනවිට රජයට ජාතික හැදුනුම්පත ලබාදීමට , රියදුරු බලපත්‍රය ලබා දීමට , අලුතින් ගෙන්වන වාහනවල අංක තහඩුව ලබාදීමට , ගුවන් ගමන් බලපත්‍රය ලබාදෙන්න නොහැකි වෙලා තිබෙනවා. කෙසේ නමුත් රටේ පාලන තන්ත්‍රයට පත්වුණ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ කණ්ඩායම උද්දච්ච ආකාරයට රාජ්‍ය නිලධාරින් සමඟ ගනුදෙනු කිරීම හේතුවෙන් රජයේ නිලධාරීන් ඔවුන්ගේ වැඩ කොටස නිසියාකාරව සිදුකරන්නේ නැති බවක් පෙනෙන්න තිබෙනවා. රාජ්‍ය නිලධාරින්ගේ දක්ෂතාවය හඳුනා ගැනීම දේශපාලඥයින්ගේ වගකීමක්. රටේ සමස්ත ක්‍රියාවලින් නිසියාකාරව සිදුවන්නේ දේශපාලඥයින් රාජ්‍ය නිලධාරීන්ගේ දක්ෂතාවට හරියාකාරව තේරුම් ගත හොත් පමණයි. රාජ්‍ය නිලධාරීන්ගේ හැකියාව තේරුම් ගෙන රට ගොඩනගන වැඩපිළිවෙළවලට ඔවුන්ට යොදාගැනීමට දේශපාලඥයින් කටයුතු කළ යුතුයි. කෙසේ නමුත් දේශපාලඥයා සහ රාජ්‍ය සේවකයා අතර තිබෙන සම්බන්ධතාවය දුරස්වීම හේතුවෙන් රටේ සමස්ත රාජ්‍ය සේවය වේගයෙන් කඩා වැටීමකට ලක්වන බවක් පෙනෙන්න තිබෙනවා. රාජ්‍ය නිලධාරින්ට දේශපාලඥයින් පිළිබඳව තිබෙන විශ්වාසයත් නැතිවී ගොස් තිබෙනවා.

ඒ වගේම රටේ සමස්ත ගොවී ජනතාව ආරක්ෂා කරන්න අයවැයෙන් කිසිදු වැඩපිළිවෙලක් සකස් කරන්න ආණ්ඩුව කටයුතු කර නැහැ. ඒ වගේම ගොවින් වෙනුවෙන් සහනාධාරයක් ලබාදෙන්න සිදුවුණහොත් එම සහනාධාරය සඳහා රජය වැය කරන මුදල සම්පුර්ණයෙන්ම පාරිභෝගිකයාගේ කර මත තබන බව ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ප්‍රකාශ කර තිබුණා. ආණ්ඩුව සුදානම් වන්නේ ගොවීන්ගේ වහා හානි සඳහා ලබාදෙන මුදල් පාරිභෝගිකයාගෙන් අයකර ගන්න. කෙසේ නමුත් ආණ්ඩුව එහිදී සම්පුර්ණයෙන් අසමත් බව පෙනී යනවා. ආණ්ඩුව ජනතාව මත අධික බදු බරක් පටවා එම මුදල්වලින් භාණ්ඩාගාරය පුරවගන්න ජාතික ජනබලවේග රජය කටයුතු කර තිබෙනවා. නමුත් එම මුදල් රටේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බෙදා දීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා රට ඉදිරියට යාම නතර වී තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශ බොහෝමයක වැඩ කටයුතු සිදුවන්නේ මන්දගාමීවයි. මේ හේතුවෙන් 2028 දී රට විශාල අර්බුද රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම ආණ්ඩුව ජනතාව මත අධික බදු බරක් පටවා රුපියල් හොයන්න කටයුතු කරනවා. නමුත් ඩොලර් උපයන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. එවැනි ක්‍රමවේදයක් ආණ්ඩුවක් සකස් කරලත් නැහැ. කෙසේ නමුත් රට 2022 පැවැති තත්ත්වයට ගෙනි යන්න කටයුතු නොකරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එවැනි තත්ත්වයකට රට වැටුණොත් නැවත රට ගොඩගැනීම ඉතා අපහසු වෙනවා. ඒ වගේම රටේ ජනතාව පාලනය කර ගත නොහැකි භයානක ලෙස හැසිරීමටත් ඉඩ තිබෙනවා.

ඒ වගේම ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය පිළිබඳව වැදගත් කරුණක් හෙළි කළා. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය විකුණාගෙන කමින් බලය ලබාගන්න ජාතික ජනබලවේගය කටයුතු කරනු ලැබුවා. ඒ අනුව පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කරන බව ජාතික ජනබලවේගය බලය ලබාගැනීමට පෙර දිගින් දිගටම මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා. 2025 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අත්අඩංගුවට ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එයත් සිදුකළේ නැහැ. නමුත් පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකරන විශේෂ විමර්ශනවල ලියකියවිල වල කොල කඩලා ඉවත් කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තා තිබුණ තැන පිළිබඳව ආණ්ඩුව දැන ගත යුතුයි. එම විමර්ශන වාර්තාවල කොල කඩා ඉවත් කිරීම බරපතල වරදක්. මෙම සිද්ධය පිළිබඳව වහාම පරික්ෂණයක් පවත්වන්නැයි සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරයෙක් අගතියට පත් කතෝලික ජනතාව නැවත මුලාවට පත් කරන්න එපා කියලා රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම පළාත් සභා මැතිවරණය පවත්වන්න කටයුතු කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. පළාත් සභා මැතිවරණය හකුලන්න කටයුතු නොකරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් දැන් පළාත් සභා මැතිවරණය පිළිබඳව ආණ්ඩුව නිහඩ පිළිවෙතක් අනුගමනය කරනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණය පවත්වන්න මුදල් තිබුණත් නීතියක් නැති බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. රටේ ජනතාවට ජාතික ජනබලවේගයට බහුතර බලයක් ආණ්ඩුවට ලබා දුන්නේ නීති නැතිනම් නිති හදන්න. කෙසේ නමුත් ආණ්ඩුව පරාජය පිලිගෙන තිබෙන බවක් පෙනෙන්න තිබෙනවා. පරාද වන බව දන්නා නිසා ආණ්ඩුව පළාත් සභා මැතිවරණ හකුළාගන්න විවිධ බොරු කියන්න කටයුතු කරමින් සිටිනවා. ආණ්ඩුව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දුන්න පොරොන්දු නැති කරන්න උත්සහ කළොත් සමගි ජනබලවේගය ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පාරට බහිනවා.

ඒ වගේම දෙවතාවක්ම සිතාවක ප්‍රාදේශිය සභාවේ බහුතරය තිබුණේ ආණ්ඩු පාර්ශ්වයට විරුද්ධවයි. කෙසේ නමුත් චක්‍රලේඛයක් මගින් නැවත ඡන්දයක් තියන්න ආණ්ඩු පාර්ශ්වය කටයුතු කරනු ලැබුවා. එම ඡන්දය නිත්‍යානකුලද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. පළාත් පාලන ආයතනයක ඡන්දය මාසයක් තුළ පැවැත්විය යුතු බව පළාත් පාලන පනතේ සඳහන් වෙනවා. නමුත් ප්‍රාදේශිය සභාවේ ඡන්දය පවත්වා තිබෙන්නේ මාසයටත් වඩා වැඩි කාලයකට පසුවයි. එසේ එම ඡන්දය නිත්‍යානුකුලද නැද්ද යන්න ගැටලුවක් මතුවෙනවා. පළාත් පාලන ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලිකිරිමක් කළ යුතුයි. සභාපතිවරයා පත් කරගැනීමට පැවැති ඡන්දය පනතට විරුද්ධව පවත්වා තිබුණොත් නිලධාරින්ට ඉදිරියේදී ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවෙයි.

ඒ වගේම අපනයනකරුවන්ට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදී එස් වැට් බද්ද ගණනය කර ලිඛිත පත්‍රිකාවක් පමණක් ලබාදුන්නේ. ඒ වගේම එස් වැට් බද්ද අයකළේ අපනයනකරුවන් ගෙන්වන අමුද්‍රව්‍ය වලින් භාණ්ඩ නැවත අපනයනය කිරිමෙන් පසුවයි. නමුත් වර්තමාන ආණ්ඩුව අපනයනකරුවන්ට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදීම එස් වැට් බද්ද අය කරන්න කටයුතු කළා. මේ නිසා අපනයන ක්ශ්‍රේත්‍රයේ සිටින ව්‍යාපාරිකයන් බරපතල අර්බුද රැසකට මුහුණ දි තිබෙනවා. අපනයනකරුවන්ට සකස් කර තිබු පහසු ක්‍රමවේදය අද නැති කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. නිෂ්පාදකයන්ට නැවත නැගිටින්න බැරි තත්ත්වයට පත් කර තිබෙනවා. රටේ අපනයනකරුවන් රටට ඩොලර් ගෙන්වන්නත් විශාල දායකත්වයක් ලබාදුන්නා. නමුත් ඔවුන් අද ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව වාහන ගෙන්විමේදී සියයට 300 කින් බදු අය කරන්න කටයුතු කළා. ආණ්ඩුව මේ හරහා විශාල මුදලක් උපයාගෙන තිබෙනවා. ආණඩුව පොලි මුදලාලිවරයෙකු බවට පත් වී තිබෙනවා. වාහන ගන්නා ජනතාව බැංකුවලට හෝ ලිසිං සමාගම්වලට ණය වී තිබෙනවා. එලෙස ණය වී ගත්ත මුදල් ආණ්ඩුවට ගෙවන්න වාහන ගත්ත ජනතාවට සිද්ධ වුණා. වාහන ගෙන්විමේදී ආණ්ඩුව විශාල මුදලක් උපයා ගනු ලැබුවා. එයින් වාහන ආනයනකරුවන් සහ වාහන මිලදි ගන්න ජනතාව දැඩි අසිරුතාවන්ට ලක්වුණා.

ඒ වගේම 21 වැනිදා පැවැත්වෙන රැළියට සහභාගි නොවන බව සමගි ජනබලවේගය තින්දුවක් ලබාගෙන තිබෙනවා. විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ අමනාපවී හෝ 21 වැනිදා රැළිය කඩාකප්පල් කිරිමට ගත්ත තිරණයක් නෙවෙයි. සමගි ජනබලවේගයේ වැඩපිළිවෙල ජනවාරියෙන් පසුව රටේ ජනතාවට දැක ගන්න හැකියාව තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව නැගි සිටින ක්‍රමවේදය සමගි ජනබලවේගය හොදින්ම දන්නවා. ඒ වගේම අයවැය කාල සීමාව තුළ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව තුළ කටයුතු කරනු ලබනවා. නමුත් ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුවේදී කතා කරන්න නොහැකි පිරිසක් එළියේ සිටිනවා. ඒ පිරිසට 21 වැනිදා නිදහසේ එම කටයුත්ත සිදුකරන්න සමගි ජනබලවේගය ආශිර්වාද කරනවා. ඒ වගේම සමගි ජනබලවේගය 21 රැලියට සහභාගි නොවන්නේ ආණ්ඩුව සමඟ දේශපාලන ගනුදෙනුවක් තිබෙන නිසා බව විවිධ කට කතා පැතිරෙමින් යනවා. එය සම්පුර්ණ අසත්‍ය ප්‍රකාශයක්. සමගි ජනබලවේගය දිනෙන් දින ආණ්ඩුවේ වැරදි ජනතාවට පෙන්වා දෙමින් , ආණ්ඩුවේ වැරදි ගමන් මගට විරුද්ධ වෙමින් කටයුතු කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. සමගි ජනබලවේගය ආණ්ඩුවට රිද්දවන්නේ ක්‍රමවේදයකටයි. ඒ සඳහා සුදුසුම කණ්ඩායම සිටින්නෙත් සමගි ජනබලවේගය තුළයි. ඒ වගේම රටට බරපතල වරදක් සිදුවොත් ඒකාබද්ධ විපක්ෂය සමඟ එකට වාඩිවෙන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. කෙසේ නමුත් විපක්ෂයේ වගකිම සියයට සියයක් පාර්ලිමේන්තුව තුළ ඉටු කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු අධික්ෂණ කාරක සභා නියෝජනය කරනු ලබනවා. එයිදී අමත්‍යංශ වැඩ කරන ආකාරය පිළිබඳව එකින් එක පරික්ෂා කරනු ලබනවා. ඒ වගේම රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගයත් සමගි ජන සන්ධානයත් අපේ වගකිම් හරියාකාරව ඉටු කරන්න කටයුතු කරනු ලබනවා. ඒ වගේම විපක්ෂයේ අනෙකුත් කණ්ඩායමුත් සමගි ජනබලවේගය සමඟ එකතුවී වැඩ කටයුතු සිදුකරනවා. ජනතාව වෙනුවෙන් සෑම විටම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් පෙනී සිටින්න සමගි ජනබලවේගය කටයුුතු කරනු ලබනවා. එහි යම් කිසි වරදක් අඩුපාඩුවක් තිබෙනවානම් එය පෙන්වා දෙන්න.

ඒ වගේම ආණ්ඩුවේ ක්‍රියාකාලාපයන්ට විරුද්ධව සමගි ජනබලවේගය ජනවාරි සිට වැඩපිළිවෙළක් දියත් කරනු ලබනවා. එය සිදුකරන ක්‍රමයක් තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවට විරුද්ධව සටන් කරන්න සමගි ජනබලවේගයට ක්‍රමවේදයක් සහ කාල සටහනක් තිබෙනවා. ඒ අනුවයි සමගි ජනබලවේගය කටයුතු කරනු ලබන්නේ. සමගි ජනබලවේගය ජනවාරියෙන් පසුව සිදුකරන වැඩපිළිවෙළ ගැන ඉදිරියේදී දැනුම් දෙන්නම්. ඒ වගේම රට හදන ආකාරය පිළිබඳව සමගි ජනබලවේගය අධ්‍යනයක නිරත වෙනවා. පසුගිය ආණ්ඩු සහ වර්තමාන ආණ්ඩුව වරද්දාගත්ත තැන් සමගි ජනබලවේගය හදුනාගෙනයි තිබෙන්නේ. රටට ආයෝජකයන් ගෙන ඒම , ජනතාව බදු බරින් බේරා ගැනීම , සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් ආරක්ෂා කරන්නේ කෙසේ දැයි සමගි ජනබලවේගය නිරන්තරයෙන් සාකච්ඡා කරනු ලබනවා. රටේ වගකිම ඉදිරියේදී භාර ගන්නේ සමගි ජනබලවේගයයි. රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල තිබෙන්නේ සමගි ජනබලවේගය සතුවයි.‘‘

SendShareShare
Previous Post

21 රැස්වීමට පැය 24ක් තියා මහින්ද අභයාරාමයට ඇවිත් 21 ගැන කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් ආරූඪ වෙයි ! බිමල්ට කමක් නෑ ඇයි නලින්දට! මාර වැඩේ ලංකාවට වුණේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.