පසුගිය මහමැතිවරණයේදී සමගි ජන බලවේගය ආසන පනස් ගණනක් ලබා ගත්තේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සතුව පැවැති පිළිගැනීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
එම මැතිවරණයේදී අලුත් පක්ෂයක් නිසා පක්ෂයට කිසිදු වැඩපිළිවෙළක් නොතිබූ බවත්, ‘සජිත්’ ‘සජිත්’ ‘සජිත්’ මන්තරය දිගටම මැතිරූ නිසා එම මන්ත්‍රී ආසන ප්‍රමාණය ලැබුණු බවත් ඒ මහතා කීය.
පක්ෂය ඇතුළේ බෙදීමක් නොමැති බවද කී ඒ මහතා ගමේ ජනතාවට ප්‍රේමදාස මහතා විශ්වාස බවද කියා සිටියේය.










