• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිරිපිටි ගන්න මිනිස්සු පෝලිම්වල! අනෙක් පැත්තෙන් ගජමිතුරන්ට හොරකම් කරන්න දීලා! හැමදාම එළිවෙනකොට ආණ්ඩුවේ දේපොළක් විකුණලා! (VIDEO)

October 2, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
කිරිපිටි ගන්න මිනිස්සු පෝලිම්වල! අනෙක් පැත්තෙන් ගජමිතුරන්ට හොරකම් කරන්න දීලා! හැමදාම එළිවෙනකොට ආණ්ඩුවේ දේපොළක් විකුණලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල එළිවෙනකොට අහන්න ලැබෙන්නේ රටේ කොහේ හරි තැනක ජාතික සම්පතක් හොර රහසේම විකුණා දැමීමේ ප්‍රවෘත්ති බවත්,ආණ්ඩුව සහමුලින්ම ක්‍රියාත්මක කරන්නේ ජනතාව මරණ මංචකයට දක්කාගෙන යමින් රටපුරා මාෆියාවට ඉඩදීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එක අතකින් 70 77 වකවානුවේ පැවැති පෝලිම් යුගය රට පුරා නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,දරුවන්ට කිරි පිටි ටිකක් නැතිව දෙමව්පියන් සුසුම් හෙලන වකවානුවක් එළඹ ඇති බවද පැවසීය.

සීනි වංචාව පොල් තෙල් වංචාව සිදුකරමින් ගජ මිතුරන්ට සහන සලසන ආණ්ඩුව මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බව පැවසූ විපක්ෂ නායකතුමා , ආණ්ඩුවට එය එතරම් අපහසු දෙයක් නොවන බව කීය.කොරෝනා ව්‍යසනය උග්‍ර වන විට පැණි පොවමින් ජනතාවගේ ජීවිත අනතුරකට දැමූ හැටි රටේ ජනතාවට හොඳ හැටි මතක ඇති බවද ඒ මහතා පැවසීය.

අද වන විට රටේ ගොවි ජනතාව  අන්ත අසරණව සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ,පොහොර හිඟයක් ඇති කොට  ඔවුන්ට නිසි ආකාරයේ අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි තැනට පත් කොට ඇති බවත් ,නෙලාගත් අස්වැන්න විකුණා ගන්නට නොහැකිව ගොවිජනතාව  අසරණව සිටින බවත් පැවසීය.

ඊට සාපේක්ෂව පාරිභෝගික ජනතාව අත්‍යාවශ්‍ය  භාණ්ඩ ගැනීමට දැඩි දුෂ්කරතාවයකින් පෝලිම් ගැසී සිටින අතර ජීවන වියදම අහස උසට නැගී ඇති බවද පැවසීය .

සෞභාග්‍යය දේශය වෙනුවට දුර්භාග්‍ය සම්පන්න දේශයක් නිර්මාණය වී ඇති බවත් මෙය ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික කළමනාකරණ ක්‍රියාවලිය නිසාම හටගත් අර්බුදයක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය. 

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 29 වන පියවර ලෙස රුපියල් ලක්ෂ විස්සක (රු. 2,000,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ බුත්තල ප්‍රාදේශීය රෝහලට අද (02) පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාන භාර වෛද්‍ය නිලධාරී මහේෂ් නාරම්ගම්මන මහතා වෙත රුපියල් දෙලක්ෂ අනූපන් දහසක් (රු. 295,000) වටිනා Patient Monitor යන්ත්‍ර 2ක්, රුපියල් දෙලක්ෂ දසදහසක් (රු. 210,000) වටිනා Suction Apparatus යන්ත්‍රයක් හා රුපියල් දොලොස් ලක්ෂයක් (රු. 1,200,000) වටිනා High Flow Oxygen therapy යන්ත්‍රයක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය. මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මන්ත්‍රී ධර්මසේන විජේසිංහ, හිටපු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ඇතුළු ජනතා නියෝජිතයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 28ක් තුල ලක්ෂ 836ක (රුපියල් 83,634,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබීය.

SendShareShare
Previous Post

ජපානයේ KAGA – MURASAME- FUYUZUKI ලංකාවට! (PHOTOS)

Next Post

මහජන්දෙදි සජබෙට ආසන පනස් ගාණක් හම්බවුණේ ‘සජිත්’ කියන මන්තරේ ජප කරපු නිසයි! (VIDEO)

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.