• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති කැඳවූ සර්වපාක්ෂික සමුලුව සුපුරුදු දේශපාලන ක්‍රියාවේම කොටසක්! ජනාධිපතිගේ මෙම ව්‍යායාමය කෙටිකාලීන දේශපාලන වාසි ලබාගැනීමේ වුවමනාවක් මිස සද්භාවයෙන් කරනු ලබන්නක් නොවෙයි! සමුළුවෙන් එළියට ආපු සජබෙ විශේෂ නිවේදනයකින් මුලු රටටම කියයි! Sri Lanka Latest News

July 26, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
මහබැංකුව ස්වාධීන කරන පනත කල් යයි! ‘විපක්ෂයට අධ්‍යයනය කරන්න කාලය අවශ්‍යයි! පනත ගේන එක කල්දාන්න!’ විපක්ෂනාය‍ක ජනාධිපතිගෙන් ඉල්ලයි! ‘කල් දෙන්න සූදානම්!’ ජනාධිපතිගෙන් ක්ෂණික පිළිතුරක්!
Share on WhatsAppShare on Facebook

උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන බව ඉතාම පැහැදිලි යැයි සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.Sri Lanka Latest News

එවැනි වාතාවරණයක් තුළ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට හැකිවේද යන්න සැක සහිත බවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. 

උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ප්‍රතිචාර ඉල්ලා සිටින බවත් සිදුවිය යුත්තේ ප්‍රතිචාර ලබාගැනීම සඳහා වූ යෝජනාවක් රජයෙන් ඉදිරිපත් කිරීම බවද සමගි ජන බලවේගයේ මතයයි.

රජය සිය යෝජනා ඉදිරිපත් කළ පසු විපක්ෂය සිය වගකීම් ඉටු කිරීමට සූදානම් බවද අදාළ මාධ්‍ය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

එම නිවේදනය මෙසේය.

උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සමුළුව ජනාධිපති වරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන බව ඉතාමත් පැහැදිලිය.

මෙහිදී ජනාධිපතිවරයාගේ ව්‍යායාමයේ පදනම විය යුතුව ඇත්තේ ඒ සඳහා කැපවූ අවංක භාවයයි.

උතුරු නැගෙනහිර පිළිබඳ වූ මෙම ගැටලුව වහාම මතු වූවක් නොවේ.

දශක ගණනාවක් විවිධ ආණ්ඩුවලට මෙම ප්‍රශ්නයට මුහුණ දීමට සිදු විය.එනමුත් මෙම ගැටලුව සඳහා ප්‍රායෝගික විසඳුමකට එළඹීමට තවමත් කිසිවෙකුට හැකියාවක් ලැබී නොමැත.මෙම ගැටළුවට විසඳුම් සෙවීමේදී වැදගත්ම සාධකය වනුයේ ඒ සඳහා සද්භාවයෙන් යුතුව කටයුතු කිරීමයි.

අපට නිරීක්ෂණය කළ හැකි වන්නේ ජනාධිපතිවරයාගේ මෙම ව්‍යායාමය කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට කරන වැඩපිළිවෙළක් මිස සැබෑ වුවමනාවෙන් ඉදිරිපත් කරනු ලබන සද්භාවයෙන් ක්‍රියාත්මක කරන්නක් නොවන බවයි.

වර්තමාන ජනාධිපතිවරයාට මේ සඳහා මැදිහත් වීමට සහ ගැටළුවට විසඳුම් ලබාදීමට මෙයට පෙර අවස්ථා ගණනාවක් සැලසී තිබුණු බව නොරහසකි.එමෙන්ම එතුමා ජනාධිපති ධුරයට පත්ව වසරක් ගත වන තෙක් මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට සාධාරණ හෝ පිළිගත හැකි උත්සාහයක නිරත නොවුණි. පසුගිය නිදහස් දිනයට පෙර උතුරු නැගෙනහිර ගැටලුව සම්පූර්ණයෙන් නිරාකරණය කිරීමේ විසඳුමක් තමා සතුව ඇතැයි රටට හැඟවු ජනාධිපතිවරයා මේ මොහොතේ උත්සහ දරනුයේ ද කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට බව ඉතාමත් පැහැදිලි කරුණකි.එවැනි වාතාවරණයක් තුළ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට හැකිවේද යන්න සැක සහිත වූවකි.
උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ප්‍රතිචාර ඉල්ලා සිටී.නමුත් සිදුවිය යුත්තේ ප්‍රතිචාර ලබා ගැනීම සඳහා වූ යෝජනාවක් රජයෙන් ඉදිරිපත් කිරීමයි.එවැනි යෝජනාවක් නැතිතැන ප්‍රතිචාර දක්වන්නෙ කුමකටද ? ජනාධිපතිවරයාට මෙම ගැටළුවට විසඳුම් සෙවීමට අවංක අභිලාශයක් ඇත්නම් කළ යුත්තේ ආණ්ඩුව නියෝජනය කරන සියලු පාර්ශ්ව සමග එකඟ වූ යෝජනාවක් ඉදිරිපත් ඉදිරිපත් කිරීමයි. එය ආණ්ඩුවේ වගකීම මෙන්ම යුතු කමයි.
එවැනි යෝජනාවක් නොමැති තැන රජයේ ස්ථාවරය ද අපැහැදිලිය.රජයේ යෝජනා සහ ස්ථාවරය ප්‍රකාශ නොකොට විපක්ෂයේ අදහස් ඉල්ලා සිටීම නිරර්ථක වූවකි.රජය සිය යෝජනා ඉදිරිපත් කළ පසු විපක්ෂය සිය වගකීම් ඉටු කිරීමට සූදානම් බව අවධාරණය කරමු.
තවද මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා අත්‍යවශ්‍ය මූලික කරුණ වන්නේ මහජන ඡන්දයෙන් පත්වූ පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පළාත් සභා ප්‍රජාතන්ත්‍රවාදීව වහාම පිහිටුවීමයි.බලය විමධ්‍යගත කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදීව පළාත් සභාවට පත් වූ මහජන නියෝජිතයන්ගේ මතය සහ අදහස් ලබා ගැනීම ඉතාම වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය වූ කරුණකි.දැනට වසර හතරහමාරක කාලයක් තිස්සේ මහජන ඡන්දයෙන් පත්වූ එකදු මන්ත්‍රීවරයෙක් හෝ නොමැතිව පළාත්සභා විධායකය විසින් මෙහෙයවමින් සිටී.
මේ තුළ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී ඇති අතර බලය බෙදා හැරීම සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට ද එය ප්‍රධානතම බාධකයක් බවට පත්ව ඇත.එබැවින් මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය සාකච්ඡා පැවැත්වීමට මූලිකව ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරගත් පළාත් සභා සියල්ල පිහිටවිය යුතු බව අවධාරණය කරමු.

මාධ්_ය-නිවේදනය-26.07.2023Download
SendShareShare
Previous Post

ගෝල් ටයිටන්ස් කණ්ඩායමත් සමග රන්ජන් රාමනායකත් LPL ක්‍රිකට් තරගාවලියට පිවිසෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ සර්ව පාක්ෂික සමුලුව ගැන ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය මෙන්න! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News
Exclusive

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Exclusive

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News
Exclusive

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News
Exclusive

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News
Exclusive

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News

Load More
ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News
Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

යුද පරාජයක් යනු යුද්ධයකදී හෝ යම් සටනකදී යම් පාර්ශ්වයක් තම ප්‍රතිවාදියා හමුවේ අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් හෝ පසුබෑමට, අඩපණ වීමට...

Read more
ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.