සමගි ජන බලවේගය මේ දිනවල සිය පක්ෂ ප්‍රතිසංවිධාන වැඩකටයුතු ආරම්භ කරමින් ගමින් ගමට ආසන සංවිධායකවරුන් හමුවීම ආරම්භ කොට තිබේ.Sri Lanka Latest News
මේ ඒ සම්බන්ධයෙන් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා තබා තිබූ ෆේස්බුක් සටහනකි.
සමගි ජන බලවේගය යළි ප්‍රතිසංවිධානය කරමින්, ඉදිරි දේශපාලන අභියෝග ජයගැනීම සඳහා වන උපායමාර්ගික වැඩපිළිවෙළ යටතේ තවත් තීරණාත්මක රැස්වීමක් 2026 මැයි 15 වැනි දින මොණරාගල දිස්ත්‍රික් කාර්‍යාලයෙදී අති සාර්ථකව පවත්වන ලදී.
මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම ආසන සංවිධායකවරුන්, පළාත් පාලන නායකයින් සහ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම විශේෂ වැඩසටහනේදී, පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරිණි,
ගම් මට්ටමේ ප්‍රතිසංවිධානය: සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි පක්ෂයේ පදනම ශක්තිමත් කිරීම.
බලමණ්ඩල පිහිටුවීම: සියලුම ආසන බලමණ්ඩල කඩිනමින් පිහිටුවා පක්ෂ යාන්ත්‍රණය විධිමත් කිරීම.
විධිමත් දේශපාලන ක්‍රියාවලිය: සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් විද්‍යාත්මක සහ උපායමාර්ගික ප්‍රවේශයකින් ජනතාව අතරට යාම.
මෙම විශේෂ රැස්වීම සමගි ජන බලවේගයේ ගරු මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමන්, මොණරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී W.H.M. ධර්මසේන මැතිතුමන්, බිබිල ආසන සංවිධායක හරීන්ද්‍ර ධර්මදාස මැතිතුමන් සහ මොණරාගල ආසන සම සංවිධායක රා.මු. ජයසිංහ බණ්ඩාර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.
දැන් කාලය පැමිණ ඇත! රටේ එකම බලාපොරොත්තුව වටා රොද බඳිමු. සංවිධානාත්මකව, ශක්තිමත්ව සහ එකා වන්ව ජයග්‍රහණය කරා! හෙට දවස සමගි ජන බලවේගයටයි!















