තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට අස්සන් තැබීම අද ආරම්භ විය.
සුබ මොහොතින් ඊට අස්සන් තැබීමට පියවර ගෙන තිබූ බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
කරුණු 10ක් මුල් කරගෙන සකස් කොට ඇති මෙම විශ්වාසභංගය කතානායකවරයා වෙත භාරදීමට නියමිතය.












