ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමටත්, ඒ මහතාගේ නායකත්වයෙන් මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට සජබ ආසන සංවිධායකවරු ඒකමතිකව තීරණය කොට තිබේ. Sri Lanka Latest News
අද පැවැති සමගි ජන සන්ධානයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී මේ බව තීන්දු කොට ඇත.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිසේත්ම එකතු නොවීමටද මෙම රැස්වීමේදී තීරණය වී ඇත.
මේ බව සජිත් ප්‍රේමදාස මහතා අද දින මාධ්‍ය හමුවේද ප්‍රකාශ කළේය.










