ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් රටේ වැඩ කරන ජනතාවගේ දිනය සමරන මේ මොහොතේ මෙරට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන, රටේ සමස්ත ජනතාවට සෞභාග්‍ය උදා කරන වැඩපිළිවෙළක් සඳහා ප්‍රධානතම පියවර තබන්නට සමගි ජන බලවේගය අපේක්ෂා කරන බවත් දැනටමත් ක්‍රියාත්මක යල්පැනගිය මජර දේශපාලන සංස්කෘතියට තිත තබන දැනට ක්‍රියාත්මක දේශපාලන සූදුවෙන් ඉවත්ව ප්‍රතිපත්තිගරුකව රට ගොඩනගන මැද මාවතක් තුළින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් සමාජ වෙළෙදපොළ ආර්ථිය තුළින් ඉදිරියට යාමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැයි දිනය සම්බන්දයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එබැවින් මේ ගමන සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයට, සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට සේම රටේ දියුණුව උදෙසා කැපවි සිටින සියලුම ප්‍රගතිශීලී ජනතාවට ඉතා ගෞරවයෙන් ආරාධනා කරන බවත් සමගි ජන බලවේගය සමඟ අත්වැල් බැඳ ගැනීමට මැයි 1 වැනි දා පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනයට ලක්ෂ ගණනින් එකට එක්වන ලෙස ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










