පාර්ලිමේන්තුව නියෝජනය කරන ප‍්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, අද දිනයේ දී ත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ඊයේ දිනයේ දී ද ඔවුන් පාර්ලිමේන්තුව වර්ජනය කළ අතර, විකල්ප පාර්ලිමේන්තුවක් රැස්කර තිබුණි.
ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු පිරිසක් මනූෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට පහර දුන් බවත් ඊට විරෝධය පළ කරමින්, තමන් පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් වන බවත් පසුගිය සෙනසුරාදා දිනයේ දී සජබ මන්ත‍්‍රී කණ්ඩායම ප‍්‍රකාශයට පත් කළේ ය.










