හොරණ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම නීති විරෝධී ලෙස සම්මත කර ඇතැයි කියමින් එහි විපක්ෂ මන්ත්‍රීවරුන් හත්දෙනා හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.Sri Lanka Latest News
පෙරවරු දහයට අයවැය විශේෂ මහ සභාව කැඳවා තිබූ අතර නියමිත වේලාව වන පෙරවරු දහයට විපක්ෂ මන්ත්‍රීවරු සභාගර්භයට පැමිණි ඇති අතර අයවැය සම්මත කොට අවසන් බව විපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැන් වූ බව විපක්ෂ මන්ත්‍රීවරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
සභාගර්භයේ ඇති ඔරලෝසුවේ වේලාව වංචා සහගත ලෙස වෙනස් කර වෙලාව 10.05 ලෙස දක්වා මෙම වංචාව කර ඇතැයි ද පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
හොරණ නගර සභාවේ බහුතරය නියෝජනය කරන මන්ත්‍රීවරු හත් දෙනා වන විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් බලවත් විරෝධය පළ කරන බවත් වංචා සහගත සිදු කළ මෙම සභා රැස්වීම නීති විරෝධී බවට ප්‍රකාශක් කර නැවත නියමිත අයවැය දෙවැනි වර ඉදිරිපත් කිරීම සඳහා මහ සභාව නැවත කැඳවීමට සභාපතිට හා ලේකම්ට අවශ්‍ය නියෝග ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව එම පැමිණිල්ලේ සඳහන් වේ.










