ශ්‍රීපාද වන්දනාවේ යන බැතිමතුන් හට පරිසරය ආරක්ෂා කරගැනීමේ අත්හළ නොහැකි වගකීමක් ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක් වෙමින් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.Sri Lanka Latest News
එහිදී ශ්‍රී පාද අඩවිය සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත මගින් ආවරණය වන අධි සංවේදී පාරිසරික කලාපයක් වන හෙයින් ශ්‍රී පාද වන්දනාකරුවන් 2025 වසරේ සිට පරිසර අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර ඇති පහත පියවර අනුගමනය කළ යුතු බව සඳහන් කර තිබේ.
*මේ වන විටත් තහනමට ලක් කර ඇති පොලිතින් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන (ලන්ච් ෂීට් ආදිය), අධි ඝනත්වයෙන් යුත් පොලිතින් මඟින් නිෂ්පාදිත බහාලුම් (සිලිසිලි මලු), සැෂේ පැකට්, ප්‍රශාරිත පොලිස්ටයිරින්වලින් නිෂ්පාදිත තනි-භාවිත බීම බට, කලතන, තනි-භාවිත පිඟන්කෝප්ප, හැඳි, ගෑරුප්පු හා පිහි මෙම ප්‍රදේශය තුළ විකිණීම හෝ වන්දනාකරුවන් විසින් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
ඊට අමතරව,
*ලීටරයට අඩු තනි-භාවිත ප්ලාස්ටික් ජල බෝතල් හා බිම බෝතල් රැගෙන යාම තහනම් කිරීම.
*පොලිතින් ආවරණ සහ ඇසුරුම් සහිත ආහාරපාන, ඖෂධ හෝ අනෙකුත් බඩු භාණ්ඩ කිසිවක් පාරිසරික අධිසංවේදී කලාපය තුළ බැහැර කිරීම තහනම් කිරීම.
*පාරිසරික අධිසංවේදී කලාපය තුළ ඇති ව්‍යාපාරික ස්ථාන විසින් අලෙවි කරන ප්ලාස්ටික් ආවරණ සහිත ආහාරපාන හෝ වෙනත් වෙළෙඳ භාණ්ඩ අලෙවියෙන් පසු ජනනය වන අපඅද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වගකීම අදාළ වෙළෙඳසැල් හිමියන් වෙත පැවරීම.
*ජල උල්පත් හා ජල මාර්ග අපවිත්‍ර කිරීම සහ එම ස්ථානවලට පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කිරීම.
*අලෙවිසැල් ඉදිකිරීමෙදී සහ පවත්වාගෙන යාමේදී ඒකරාශි වන පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස එකතු කර ශ්‍රී පාද අධි සංවේදී කලාපයෙන් බැහැරට ගෙනවිත් අදාළ නගර සභා හෝ ප්‍රාදේශීය සභා හරහා අවසන් බැහැර කිරීමේ වගකීම ඒ ඒ අලෙවිසල් හිමියන් වෙත පැවරීම.










