ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.Sri Lanka Latest News
සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු ප්‍රධානී හර්ෂ ද සිල්වා මහතා ප්‍රමුඛ නියෝජිතයන් විසින් මෙම නඩු පැවරීම සිදුකිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
එම කමිටුව පෙන්වා දී ඇත්තේ මෙම ආර්ථික පරිවර්තන පනත රටට ඉතා අහිතකර කෙටුම්පතක් බවකි.










