පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වත්තල මාබෝල නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට අද (18) හැකි විය.Sri Lanka Latest News
ඒ අනුව වත්තල මාබෝල නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ විජය රාජ ප්‍රකාශ් මහතා වත්තල මාබෝල නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.











