පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් හෙළිදරව් වීමෙන් පසු මේ වනවිට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා තමන්ටද ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඇති බවත්, ඒවා හෙළිදරව් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව ඊට අවස්ථාව සලසා දුන්නත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කොට නොමති බව වාර්තා වේ.
රාමනායක මහතා මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවදීම අල්ලස් කොමිසමට රැගෙන ආවද මෙතෙක් ඒ පිළිබද කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කොට නොමැති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් සති 6ක් ඉක්ම යාමෙන් පසුව අල්ලස් කොමිසමට දිව්රුම් ප්‍රකාශයක් ලබා දී ඇති රාමනායක මහතා දැනට ගංගොඩවිල අධිකරණය හමුවේ ඇති තමන්ගේ සීඩී හඩපටවල ඊට අදාළ සාක්ෂි ඇති බව දැනුම් දී ඇති බව පැවසේ.
කෙසේවෙතත් මෙම පැන්ඩෝරා පත්‍රිකා චෝදනාව ඉදිරිපත් වීමත් සමග ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට දැනුම් දී සිටියේ මාසයක් ඇතුළත මේ පිළිබදව විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.
නමුත් රාමනායක මහතා තවමත් ඒ පිළිබද ප්‍රකාශයක් ලබා දී නොතිබීමත්, අධිකරණය හමුවේ පවතින හඩ පට පරීක්ෂා කර ඊට අදාළ සාක්ෂි සොයාගන්නා ලෙස දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමත් සමග මෙමම වාර්තාව ලබා දීම තවත් පමා වනු ඇති බව දැනගන්නට ඇත.










