ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සයිනොපෙක් සමාගම ද අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබුණි.Sri Lanka Latest News
කෙසේවෙතත් සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් සඳහා රුපියල් 3ක වට්ටමක් ලබා දී ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 17කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි.
මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 355කි.










